Wednesday, January 18, 2012
අවසානයේ අපි ජයග්රහණය කළෙමු...
දිළුම් වෙනුවෙන් ගොඩ නැගුනු සයිබරයේ පිනෙන් පිරුණු අරමුණක අවසානය වෙත අපි ලඟා වූයෙමු.... ජෙරූශා නම් දැරියගේ කර්ණ ශංඛ බද්ධයේ සැත්කම අද ඉතා සාර්ථකව අවසන් වූ බව ඇයගේ ආදරණීය මව මීට මොහොතකට කලින් අප සමග පැවසුවාය....
එපමනක් නොව ඇයගේ දියණියගේ නෑසෙන සවනතට හඬ ලබාදීමට එකතු වූ සැමට ඇයගේ මෙන්ම පවුලේ ස්තූතිය පුද කලාය... ඒ හැමට පින් ප්රාර්ථනා කලාය...
සිකුරාදා වනතුරු ජෙරූශා දැරිය පේරාදෙණිය ලමා රෝහලේ හතරවන වාට්ටුවේ ඇය වෙනුවෙන් සකසා ඇති විශේෂිත කාමරයක රඳී සිටිනු ඇති... ඔබ ඒ අවටනම්, එහි ගොස් ඇයට ශක්තියක් වී පැමිනෙන්නට හැකිනම්, අප එය මහමෙරක් තරම් අගය කරමු...
වැඩි විස්තර සහ ඡායාරූප ලඟදීම බලාපොරොත්තු වෙන්න..
ඔබ හැමට පින් සිද්ධ වේවා....
ශ්රී ලාංකීය සයිබරය එකාවන්ව එකතුව කල මෙම සද්කාර්යය මගේය, අපේය, ඔබේය.... එම නිසා මෙම බ්ලොග් ලිපිය ඔබේ බ්ලොගයේ පල කර අපගේ ශක්තිය ලොවට කියාපෑම පිළිබඳව අපගේ කිසිදු විරුද්ධත්වයක් නැත.
28 comments:
ජය වේවා ඇත්තටම සතුටුයි :-D මෙයාව මේ පාර අවුරුදු උත්සවේට එක්ක එන්නකො අභීත අයියේ
ජෙරූෂා කුඩා දියණියගේ අනාගතය අලෝකවත් ක්රීමට අත්වැල් බැඳගත් සියළුම දෙනාට අපගේ නොනිමි ස්තූතිය....!
නියමයි !!
මැක්සා.. :D
සෝ හැෆී..!
හදවතින්ම සතුටු වන්නෙමි..
ජෙරූශා නංගි.. ඔබට පැහැබර අනාගතයක් වේවා !!!
හරිම සතුටුයි . . ඇයට ඉක්මනින් සුවය ලැබේවා . .
ලොකු පින්කමක් සාර්ථකව නිමා කර ගැනීමට අත්වැලක් උන හැමෝටම මෙන්න මගේ ආචාරය
අනුකම්පාව සපිරුනු සිත් සැමට ජය වේවා...!!
දැරිය ඉක්මනින් සුවය ලබත්වා.....!!
ඇත්තටම ගොඩක් සතුටුයි. මේ සත්කාරයට දායක වෙන්න අවස්ථාවක් ලැබුනේ නම් නෑ. මේ වෙනුවෙන් මහන්සි වුන හැමදෙනා ගැනම ගොඩක් ආඩම්බරයි. ඒ වගේම ඒ අයට ගොඩක් පින්.
සුභ පැතුම් !!!!!
බොහොම සතුටුයි මේ කල සත්කාරයට.ඇයට ඉක්මන් සුවය පතනවා .
මේ වෙනුවෙන් වචනයකින් හරි සම්මාදම් වෙච්ච අයට බුදුසරණයි.
ගොඩක් සතුටුයි.
JAYA WEWA.....................!!!!!!
මේ වගේ මනුස්සකම දන්න නියම සහෝදර සහෝදරියන් රැසක් එක්ක එක පවුලක බ්ලොග් රචකයෙක් කියලා කියන එකත් අපිට ආඩම්බරයක්...
මේ මහඟු කාර්යයට උර දුන් හැමටම පිං...
නොදුටු මිතුර ඉලං, උඹටත් පිං !!!
ඉලංදාරියා වෙනුවෙන් ඇරඹුනු ඒ සත්කාරය මෙ වගේ අවසන් කරන්න ලැබීම සතුටක්. ඒ වගේම ඒ දේ මේතරම් දුර ගෙනාපු උබල ඔක්කොටම පින්.
සතුටුයි . . . ගොඩක් සතුටුයි . . . .
ජෙරූෂා දුවට සුභ අනාගතයක් ප්රාර්ථනා කරනව . . ..
කොච්චර හොඳ වැඩක්ද. මට මේකට දායක වෙන්න බැරි උනා... ඔයාල ඊළඟට කරන වැඩවලට වත් දායක වෙන්න පුළුවන් වේවි කියල හිතනවා
දිළුම් හිටිය නම්...... අද දවස සයිබරේ මගුල් ගෙදරක් වගේ වෙන්න තිබ්බා. අපි සුවපත් කරන්න එකතු වුනේ ඔහුගෙ සවන්. ඒත් ඔහු ගියේ තව කෙනෙකුට සුවපත් වෙන්න ඉඩක් ඉතිරි කරලා. ජෙරූශා දෝණි එක්ක වචනයක් කතා කරන්න මම මඟ බලාගෙන ඉන්නවා. ඉක්මනින් සුවපත් වෙන්න ලස්සන දේවල් හැමදාම අහන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා!
හදවතින්ම සතුටු වන්නෙමි..
ජෙරූශා නංගි.. ඔබට පැහැබර අනාගතයක් වේවා !!!
සතුටුයි කියන්නට දෙයක් නැත.. උපරිමයි !
හදවතින්ම සතුටුයි..............
එල කියන්න වදන් නෑ...ඇසට කදුලක් නෑගුනා ඒ දුකට නෙමෙයි අහිංසක අඩම්බරයක් දෑනුනා සතුටට.............බුදුසරනයි...ඉලන්දාරියා උඹ තාම ජිවමානයි කියලා මට හිතේනවා.
සෑහෙන්න සතුටක් දැනුණා.. ඉලන්දාරියා තවමත් අපි අතර ම යි කියලා දැනුණා.. පුළුවන් කමක් තිබුණා නම් එනවා.. ඒත් දුර ප්රශ්නය නිසා එන්න විදියක් නෑ..
උදව් කළ හැමටත්, දිලුම් මල්ලීට ත් පින්. ඉලන්දාරියාට නිවන් සුව අත්වේවා.
හදවතින්ම සතුටුයි .............
තෙරුවන් සරණයි!
Post a Comment