Saturday, February 19, 2011

තැපැල්පත් ව්‍යාපෘතිය | Post Card Project For Dilum

ලිව්වේ  LishWish

හැමෝම දන්නවා පෙබරවාරි 12 වෙනිදා විහාරමහාදේවි උයනේ දිලුම්ගේ සැත්කමේ ඉදිරි කටයුතු ගැන කතා කරන්නට අපේ අය ‍රැස් වූ වග.., ඉතින් මෙහිදී අනෙකුත් අදහස් අතරේ රූ තැපැල්පත්.., සිංහලෙන් කියනවා නම් picture post cards විකුණා මේ ඉදිර වැඩකටයුත්ත සඳහා මුදල් සොයමු යන මතයක් අපි අතර සම්මත වුණා.., ඉතින්., එහිදී මේ වැනි දෙයක් නිර්මාණය කරත්දී අපි මුලින් ම කලයුත්තේ අදාල බලාපොරොත්තුව සපල කරගන්නට නම් යම් මාතෘකාවකට අදාලව අපි එම නිර්මාණ කටයුත්ත ආරම්භ කිරීමයි..,

දිලුම්ගේ බලාපොරොත්තුවට ඉදිරියෙන් අපට ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම වැනි මාතෘකාවක් යොදා ගත්තා නම් එය අපිට අපි මුද්‍රණය කරන මේ තැපැල් පත් සියල්ල විකුණා ගන්නට අපේ ඉලක්කය වෙතට යන්න අමතර ජවයක් එක්කරාවි.., ඉතින් මේ නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට අදාල වන ඔබ ගත් ඡායාරූපයක් ඔබ අත තියෙනවා නම්.., හෝ එවැනි ඡායාරූ ගත් අයෙකු ගෙන් ඔබට සේයාරූ ලබාගත හැකිනම් මේ වෙනුවෙන් ම හදන්නට යෙදුනු pcp.dilum@gmail.com ඊමේල් ලිපිනයට එවන්න.., අප අදාල සේයාරුවක් ‍තෝරා ගත්තේ නම් ඒ බව ඔබට දන්වන අතර.., තැපැල් පතේ ඡායාරූ ශිල්පියා ඔබ බව සඳහන් වනු ඇති..,

පහත තියෙන්නේ එහි අපි කරන්නට යන වැඩ පිළිවෙල ගැන සාරාංශයක්..!
01. රූප එකතු කිරීම
02. ඒ ඇසුරින් පෝස් කාඩ් ඩිසයින් කිරීම.
03. මුද්‍රණය සඳහා ලාභ දායක තැනක් සෙවීම.
04. මුද්‍රණය.
05. විකිණුම් සැලසුමක් සාදා බෙදා හැරීම.
06. මුදල් එකතු කිරීම.

මින් අංක 01 සහ 02 මේ වනවිටත් කෙරීගෙන යනවා.., ඒ අතරම අංක 03 සඳහා ලාභදායක තැනක් සොයමින් පවතිනවා.., ඉතින් ඔබ අතුරින් කවුරුන්හෝ ඉහත කාරණා වලින් එකක් පිළිබඳව හෝ විස්තර දනීනම් කරුණා කර පහතින් කොමෙන්ටුවක් හෝ pcp.dilum@gmail.com යන අපේ ඊමේල් ලිපිනයට ඒ බව දැනුම්දෙන්න..!
ජය!


දිලුම්ට ලොව අසන්නට අපි යන මේ ගමනේ පුන්‍යකර්මයකට අමතරව ඔබ සිරිලකේ නම මේ හරහා ඔබ ලොවට ගෙනියන්නට උදවුවනු ඇති..!
ජය..!

LishWish

4 comments:

මිකී said...

Good Luck....

FOX Creationz said...

Machan mama keepayak ewwa.. Balala kiyapan..

හෙළයා said...

මං එවන්නම්

~ChAnDiKa~ said...

මමත් ඡායාරූප දෙකක් එවුවා... ඉදිරි කටයුතු වෙනුවෙන් සුභපැතුම්...

Post a Comment