Tuesday, May 31, 2011

ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල මුදල් වලට මොකද උනේ ?

බියෝන්ඩ් ෆ්‍රේම් බ්ලොග් සහෘදයා විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ නගන ලද "ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ..." යන පැනයට පිලිතුරු ලෙස මා විසින් පහත සඳහන් පිළිතුර සැපයූවෙමි.

ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ...
-------------------------------------------------------------------------------

(දිනය නිමා වන විට "Beyond Frame " විසින් පල කර තිබූ ඉහත සටහන ඉවත් කර ඇති බව දැන ගැනීමට ලැබුනා. නමුත් ඔහුගේ බ්ලොග් එකේ ඇති "RSS feeder" එකේ තවමත් ඒ සටහන දක්නට ලැබෙනවා.)


හිතවත්  Beyond Frame ,

ස්තූතියි මේවගේ කතිකාවක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන. දිලුම්ගේ මරණයෙන් පසුව මේ මුදල් සම්භන්ධව බ්ලොග් පෝස්ට් එකක් වැටුනේ නැති නිසා කොහොමත් රාමුවෙන් පිට සිටින ඔබට රාමුව තුල සිදුවන දේවල් පේන්න නැතිව ඇති කියා සිතනවා.

ඔබගේ දැන ගැනීම පිනිස, තාමත් අපි දිළුම් වෙනුවෙන් ඇප කැප වෙලා තම කාලය, ශ්‍රමය, දහඩිය වැය කෙරූ බ්ලොග් සහෘදයන් කිහිපදෙනෙකු අතරේ මේ දිනවල මේ එකතු වූ මුදල් වලින් අප හට කල හැකි වෙනත් සද්කාර්යයන් කිහිපයක් ගැන සාකච්චා කරමින් පවතිනවා.

මේ මුදල් ලබාදුන් අයගේ අදහස් විමසීමක් මේ දිනවල සිදු වෙමින් පවතිනවා දිලුම් වෙනුවෙන් පවත්වාගෙන ගිය "Facebook group" එකේ. ඔබ තවම ඒ බව දැනුවත් නැතිනම් මෙතනට ගොසින් එය බලා ගත හැක.

http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1

අප දන්නා පරිදි ටැබූ සහ බින්කු විසින් එකතු කල මුදල මේ වන විටත් දිලුම් වෙනුවෙන් පවත්වාගෙන ගිය සමූහ ගිණුමේ තැන් පත් කර ඇත.

අප විසින් පැදුරු සාජ්ජ පවත්වා එකතු කල මුදල ගැන සියළු සවිස්තර වාර්ථාවක් තියෙනවා මෙන්න මෙතන.

http://friendsofdilum.blogspot.com/2011/02/blog-post_22.html

පැදුරු සාජ්ජය හරහා එකතු කල මුදල් එක්සත් අරාබි එමීරයේ අප මිතුරන් රැසක් විසින් පවත්වාගෙන යන "අපේ කට්ටිය" මිතුරු සංසදයේ සමූහ ගිණුමක තැන්පත් කර ඇති බව ඔබ වෙත සහ මෙය කියවන සැම වෙත දන්වන්න කැමතියි.

මේ දිනවල අප විසින් මේ මුදල් වලින් කල හැකි විවිධ පුණ්‍ය කර්මයන් (පන්සලකට, දේවාලයකට පූජ කිරීම නොවේ) ගැණ සලකා බැලෙමින් පවතිනවා. එය සමහර විට දිලුම් මෙන් ශල්‍ය කර්මයකට මුදල් සොයාගත නොහැකිව පසුවන කෙනෙකු සොයා පිහිට වීම, අසරණ පවුලක් සොයා ඔවුනට ගෙයක් තනා දීම, අඳ ගොළු බිහිරි පාසලේ දරුවන් වෙනුවෙන් ශ්‍රවණ ආධාරක ලබාදීම වැනි දේවල් වලින් එකක් හෝ කිහිපයක් විය හැක.

අප විසින් එකතු කල සෑම සතයකට ඉතාමත් විශාල වගකීමක් අප අත රැඳී ඇති බැවින් ඒ ඒ සඳහා ඉතාමත්ම විනිවිද භාවයකින් කටයුතු කිරීමට අප බැඳී සිටින අතර  ගනු ලමන සෑම ක්‍රියා මාර්ගයක් ගැනම බ්ලොග් අවකාශය දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඔබතුමාට ගොඩක් ස්තූතියි.

මෙයට දුමී.

================================================


(බ්ලොගර් කමෙන්ට් සිස්ටම් එකේ ගැටළු කාරි තත්වයක් ඇති බැවින් කමෙන්ට් දැමීමට කරුණාකර සාමාන්‍ය එඩිටරයට පහතින් ඇති තාවකාලික එඩිටරය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිමි.)

23 comments:

Buddhi said...

දිලුම් මෙන් ශල්‍ය කර්මයකට මුදල් සොයාගත නොහැකිව පසුවන කෙනෙකු සොයා පිහිට වීම හොඳයි වගේ...

එහෙම කරලා අපිට දිලුමට පුන්‍යානුමෝදනාවක් කරන්න පුලුවන් නේද?

දුමී said...

ස්තූතියි බුද්දි, ඔව් අප මේ මුදල් වලින් කරන යම් කටයුත්තක් වේද, එය දිලුම්ට පුණ්‍යානුමෝදනාවක් සඳා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒ සඳහා දිලුම්ගේ පවුලේ අයවත්, ඒ සඳහා සහභාගී වෙන්නට කැමති ඕනෑම අයවලුනුත් සහභාගී කරගෙන අපිට එය කරන්න පුළුවන්. දැනටත් මේ සඳහා විවිධ අදහස් පල වෙන බැවින්, වැඩි දෙනාගේ අදහස්ද සලකා බලා මේ පිලිබඳව අපිට එකඟතාවයකට එන්න පුළුවන් වේවි.

Rajitha Abeysinghe said...

අද ගොලු බිහිරි පාසලේ ළමයින් කිහිපදෙනෙකුට ශ්‍රව්‍ය උපකරන පිරිනැමීමේ වැඩේ පිලිබදවත් සලකා බලන්න .මම හිතන්නේ ඒ වැඩේ තමයි බහුතරයක් අනුමත කරලා තියෙන්නෙත්........

Aru අරු said...

ෙහම ලිව්ව ඒක ෙහාදයි.අපි පුරුදු ෙවලා ඉන්ෙන් ෙමානවා කරත් මඩ ගහන්න ෙන්...ෙහාද ෙදයක් කරන්න....හැෙමා්ම සතුටු කරන්න අමාරුයි. ඔබට තුති....

පිස්සු පුසා said...

ape ilandariyata niwan suwa. e wage sahodarayek wenuwen e mudal yodawanna.yojanawak witarayi...

Teshan said...

දිලුම්ගේ සැත්කම වෙනුවෙන් මෙහෙම එකතු කරපු හැම සතයක්ම දිලුම්ගේ මරණය සිද්ධ වෙන තාක් කල් ඒ ඒ සංසද වල ගිණුම් වල පවත්වාගෙන ගියේ දිලුම්ගේ මරණය සිද්ධ වෙන තාක් ද? මරණය සිදු වුනායින් පස්සේ ඒ මුදල් වෙන කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන්ම යොදවාවි කියලා ඇති අපිට තියන්න පුළුවන් විශ්වාසය මොකද්ද? දිලුම්ව විකුනාගෙන කාලා නේද ඔය හැමෝම? දිලුම්ගේ නමින් හැමෝම පැදුරු සාජ්ජ, අවුරුදු උත්සව, ඩෙඟා නැටීම්, සතුටු වීම් සිදු කරලා එකතු කරගත් මුදල් තවමත් ඒ ඒ ගිණුම් වල පැවතීමම ඊට හොඳ නිදසුනක්. දිලුම්ගේ පෞද්ගලික ගිණුමට පමණක් බැර කළ මුදල් ගැන පමණක් විශ්වාසයක් තැබිය හැක. මිනිසෙකුට සැලකිය යුත්තේ ජීවත්ව සිටියදී පමණයි. මරණින් පසුව කළ හැක්කේ පිං අනුමෝදන් කිරීමක් විතරයි. මේ වගේ බොරු වැඩ වලින් තවත් මිනිසෙකුගේ ජීවිතයට බලාපොරොත්තු ඇති කරලා ඒ මුදල් ඔවුනොවුන් මිය යන තුරා භාණ්ඩාගාර වල තබා ගෙන පසුව සිදු වන කිසිවක් ප්‍රසිද්ධියේ සිද්ධ වෙන්නේ නම් නැති වේවි. කල්ලි පිටින් මේ comment එකට ප්‍රතිචාර දැක්වීම පැත්තකට දාලා කරපු පවෙන් නිදහස් වෙන්න බලන්න.

දුමී said...

හිතවත් TeeRox මල්ලි වෙත,

ගොඩක් ස්තූතියි ඔබගේ අදහස ඉතා පැහැදිලිව මෙහි සටහන් කිරීම ගැන. නමුත් ඔබගේ සටහනින් පෙනී යන්නේ ඔබ කරුණු හරි හටි නොදැන මෙම සටහන තැබූ බවක් පමණයි. ඔබ වැනි මෙම සිද්ධිය ගැන හරි හැටි වැටහීමක් නොමැති අය තව සිටිනවානම් ඒ සැමගේ දැන ගැනීම පිණිස පහත සටහන පළ කිරීම සුදුසු යැයි සිතනවා.

ඔබ දිලුම්ගේ රෝගී තත්වය පිලිඹඳව දැනුවත් වී සිටියා නම් ඔබ දැනගෙන ඉන්න ඇති දිලුම්ගේ කර්ණ ශංඛ බද්ධයට අවශ්‍යය වූ මුළු මුදල රුපියල් ලක්ෂ 30 පමණ වූ බව සහ බ්ලොග් අවකාශයේ සහෘදයන් තමන්ගේ සහෝදර බ්ලොග් කරුවා වෙනුවෙන් තම කාලය, මුදල්, ශ්‍රමය වැය කරමින් මේ මහා විශාල වූ කර්තව්‍ය ජය ගැනීම සඳහා විවිධ ව්‍යාපෘතීන් දියත් කල වග. ඒ සෑම ව්‍යපෘතියක්ම ඉතාමත්ම විනිවිධ භාවයකින් සහ එකතු කල සෑම සතයකම විස්තර ප්‍රසිද්ධියේ පළ කරමින් සිදු කල වග සෑම දෙනාම දන්නා දෙයක්. සැමදෙනාගේම ඉලක්කය වී තිබුනේ ලබන සැප්තැම්බර් මාසයට දින යෙදී තිබූ කර්ණ ශංඛ බද්ධයට පෙර කෙසේ හෝ මේ මුළු මුදල සොයා ගැනීමයි.

එම යෝජිත කර්ණ ශංඛ සැත්කමට පෙර සිදු කල යුතු වූ "MRI" පරීක්ෂණයක ප්‍රථිඵලයක් මත දොස්තර වරුන් දිලුම්ගේ මොළයේ කුඩා ගෙඩියක් ඇති බවත්, එය කර්ණ ශංඛ බද්ධයට පෙර ඉවත් කල යුතු බවත් ප්‍රකාශ කරනවා. ඉතාමත් සුළු ශල්‍යය කර්මයක් යැයි පැවසුණු එය කිසිදු අය කිරීමකින් තොරවම සාමාන්‍යය ශල්‍යය කර්මයක් ලෙසට මහනුවර මහ රෝහලේදී සිදු කිරීමට දොස්තරවරුන් තීරණය කර, එම ශල්‍ය කර්මය පසුගිය අප්‍රේල් 8 වෙනිදා තමයි සිදු කර තිබෙන්නේ. ඒ ශල්‍යකර්මය කරන්නේ අප විසින් මුදල් එකතු කල කර්ණ ශංඛ බද්ධය සිදු කිරීමට නොව, "MRI" පරික්ෂණයේදී සොයා ගත් මොළයේ තිබු ගෙඩිය ඉවත් කිරිමටයි.

එම සැත්කම සාර්ථකව නිම කල බව පවසා දින කීපයකට පසුව දිලුම් රෝහලෙන් පිටවී තම නිවස බලා පැමිණ සිටියා. එම සැත්කමෙන් සුවය ලබමින් ඉන්නා අතරෙදි පවුලේ අය විසින් අප හට දන්වා සිටි ලෙස, එම සැත්කම කල ප්‍රදේශයේ වතුර පිරීම හේතුවෙන් නැවතත් දිලුම්ව රෝහල් ගත කර තිබෙනවා. ඉන් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමෙන් පසුව අවශ්‍ය ප්‍රතිකාර කලත් දිලුම් නැවතත් යථා තත්වයට පත් උනේ නෑ. එසේ දෙවනි වර රෝහලට ඇතුලත් කර සති කීපයකින් දිලුම් මෙලොව අතැර ගිය බව ඔබත් මමත් දන්නා කරුණක්.

දිලුම් වෙනුවෙන් මුදල් සෙවීම සඳහා දියත් කල ව්‍යපෘතීන් දිලුම් රෝහල් ගත කිරීමෙන් නැවත් වුනේ නෑ. ඒ එම සියළුම ව්‍යපෘතීන් වල අවසාන ඉලක්කය වී තිබුනේ කර්ණ ශංඛ බද්ධයට අවශ්‍ය රුපියල් මිලියන 3 නැතහොත් ලක්ෂ 30ක් සොයා ගැනීමට නිසා. උදාහරණයක් ලෙස එක්සත් එමීර් රාජ්‍යයේ අප විසින් සංවිධානය කෙරූ පැදුරු සාජ්ජ 4ක් තුලින් රුපියල් 3,47,000 ක් අප විසින් ඒ වනවිට එකතු කර තිබූ අතර පැදුරු සාජ්ජ ව්‍යාපෘතියේ ඉලක්කය වී තිබුනේ සාජ්ජ 10ක් පවත්වා කෙසේ හෝ එම මුදල රුපියල් ලක්ෂ 10 දක් වා වැඩි කර ගැනීමයි. මෙසේ දිලුම් අකාලයේ මෙලොව හැර යාවි යැයි ඔබත් මමත් බලාපොරොත්තු වූවේ නෑ නේද ? දිලුම් වෙනුවෙන් කැපවුනු අපි හැම දෙනාම ඔහුගේ ශ්‍රවණ අභාධය සුව කරදී නිරාමිස ප්‍රීතියක් විඳීමට බලා පොරොත්තුවෙන් සිටියා විනා, ඔබ විසින් චෝදනා කරන ලෙස "දිලුම් මැරෙනකං බලාගෙන" හිටියේ නෑ. එසේ බලාපොරොත්තු වූවේ නම් ඔහුගේ පෞද්ගලික ගිණුමට කීයක් හෝ බැර කර (හෝ නොකර ) අත පිස දා ගැනීමට අපි සියළුම දෙනාටම තිබුනා නේද ?

අවසාන වශයෙන් කීමට ඇත්තේ අප විසින් එකතු කරන ලද සැලකිය යුතු මුදල අන්තිම සතය දක්වා වග කීමකින් යුතුව වෙනත් සද්කාර්යයක් සඳහා අප විසින් යොදවන බවයි. ඒ සද්කාර්යය දිලුම් මෙන්ම අසරණ වූවේකු උදෙසා හෝ, අසරණ පවුලක් සොයා නිවසක් ඉදිකරදීම, ශ්‍රවණ ආභාධිත දරුවන් සොයා ශ්‍රවණ උපකරණ ලබාදීම වැනි දේවල් අතරින් තෝරාගත් එකක් හෝ කීපයක් විය හැකියි.

එය සිදු කරන ආකාරය ඔබ හට බලාගන්නට හැකි වේවි, ඉදිරියේදී ඔබ වැනි විශේෂිතවූ උනන්දුවක් දක්වන සහෝදර බ්ලොග් කරුවන් හට එය හොඳින් නිරීක්ෂණය කරන්නට හැකි වේවි. එහිදී යම් දොසක් දුටුවේ නම් මේ ලෙසම ඔබගේ අදහස පළ කිරීමෙන් අප දිරිමත් කරයි යැයි අපි හුදෙක්ම බලාපොරොත්තු වෙනවා.

ඔබට ගොඩක් ස්තූතියි.

මෙයට දුමී
(දිලුම් වෙනුවෙන් තම ගත දහඩිය, කාලය, ශ්‍රමය වැය කල සියළු බ්ලොග් සහෘදයන් වෙනුවෙන්.)

Dee said...

සන්සාරේ..! ලාංකීය ලකුණ මොනවට පිළිබිඹු වෙන තවත් එක් සිද්දියක්..! යහපත් චේතනාවෙන් මනුස්සයෙක්ට උදව් කරන එක ගැන දෙපාරක් හිතන්න ඕනෙ කියන එක ආයෙ, ආයෙ සිහිගන්වන උදාහරනයක්!

එක අතකට දුමී, මේ වගෙ රෙගුයුලේටින්ග් මිකැනිසම් එකක් තියෙන එකත් හොඳා.. පොදු මුදල් පරිහරනයෙදි කට්ටිය කල්පනාකාරී වෙයි නෙ..

අනෙක, මිනිස්සු වෙනුවෙන් විතරක් නෙමෙයි, අපිට පරිසරය වෙනුවෙනුත් පරෝපකාරී වෙන්න පුලුවන්!

priyantha said...

@ හිතවත් TeeRox
ලංකාවේ බ්ලොග් කරුවන් හා ටැබූ, සුපුන් හා බින්කු එක්ව පේ පෑල් ගිණුමක් මගින් එක් කළ මුදල් සහ තවත් මුදලක් දැනට පෞද්ගලික බැංකුවක හවුල් ගිණුමක තැම්පත් කර ඇත. ඒවාද ඉහත දුමී දක්වා ඇති ආකාරයට පුණ්‍ය ක්‍රියාවකට ඉතාමත් විනිවිද පෙනෙනා ආකාරයෙන් වැය කිරීමට පරිත්‍යාග කළ අය ඒකමතිකව තීරණය කර ඇත. ඔබ පරිත්‍යාග කළ මුදලක් එහි ඇතුලත් නම් එහි විස්තර සමග ඔබ ඒවාට කරන්න බලාපොරොත්තු වන දේ දන්වන්න. අපි එය ඉටුකරන්න සූදානම්. මේ සඳහා ඔබේ ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.

දුකා said...

@ හිතවත් TeeRox!
මේ අර කොල්ලො කෙල්ලන්ට බ්‍රහ්මචරියාව රකින්න කියලා බ්ලොග් එකෙන් උපදෙස් දෙන මල්ලි නේද??

ඔයාගේ උඩ කොමෙන්ටුව ඔයාගේ බ්ලොග් එකේ හිට්ස් වැඩි කරගන්න (කවුද යකෝ මේ වගේ දෙයක් කියන එකා කියලා පාඨකයෝ එයි කියන උපකල්පනයෙන්) කරපු තුට්ටුදෙකේ පහත් ප්‍රයත්නයක් නොවේ කියලා මම හිතනවා.

ඔක්කෝමටම කලින් මේ පහත කරුනු වලාට් පිලිතුරු දීලා ඉන්න කරුණාකරලා

1. ඔබ දිලුම්ගේ කිසියම් ගිණුමකට රුපියල් 50ක් හෝ බැරකල කෙනෙක්ද?

2. කොයි ගිණුමටද? මුදල කීයද?

උත්තරය ඔව් නම් ඔබට සදාචාරාත්මක අයිතියක් තියෙනවා අඩු තරමේ තමන්ට හරි කියලා හිතෙන දෙයක් කියන්න (ඔයාට හරි කියල හිතෙන දේවල් ඇත්තටම හරිද කියන එක වෙනම දෙයක්)

3. මුදල් බැර කල අයගෙන් ඔවුන් බැරකල මුදල් කෙසේ යෙදවිය යුතුදැයි ෆේස්බුක් හරහා අප ඇසූ බව ඔබ දන්නවාද? දුටුවාද?

4. ඔබ එයට ප්‍රතිචාර දැක්වූවාද??

එසේත් නැතිනම් දිලුම් වෙනුවෙන් එක රුපියල් 10ක් වැයකරන්න බැරිවුනු හෝ දාඩිය පොදක් හෙන්න බැරි වූ නිසා ඔබේ හිත නගන චෝදනාවලින් (යකෝ උඹ උඹේ බ්ලොග් එකේ උඹ ගැන කියන විදිහට මාර මානුශීය පොරක්නේ ඒත් අර දිලුම් වෙනුවෙන් උඹ සත පහක් වියදම් කලාද ?) බේරෙන්න කල උත්සාහයක්ද අර ඉහල කොමෙන්ටුව?

මාරයාගේ හෝරාව said...

අපි මහ ලොකු මිනිස්සු නෙවෙයි දුමී..ඒත් පුළුවන් හැටියට දෙයක් ඔය වෙනුවෙන් කරන්න දායක උන කෙනෙක් හැටියට මං මේ කියන්නේ...
ප්‍රශ්න කරන්නත් අපහාස කරන්නත් හරිම ලේසියි...

අර ටී සහෝදරයා කියලා තියෙනවා වගේ දෙයක් කියන්නත් කාට උනත් අයිතියක් තියේ...එහෙම ප්‍රශ්න එද්දී තමා කරන වැඩක වටිනාකම තවත් වැඩි වෙන්නේ...

ඒ හින්දා එහෙම හරස් ප්‍රශ්නයක් නගන කෙනෙකුටත් උඹ කලා වගේ ස්තූති කරන්න ඒනමයි...

පෞද්ගලිකව මං මුදල් යැව්වේ කෙලින්ම දිලුම්ගේ ගිණුමට...
මුදල නෙවෙයි වටින්නේ අපිට ඒ කරන්න ගිය වැඩේ කරන්න පුළුවන් උනානම් මේ දේ කොයි තරම් සතුටට කාරණාවක් වෙන්න තිබුණද..ඒත් අපේ නොලැබීමට ඒ දේ කරගන්න අපිට බැරි උනා..ඒක අපෙයි දිලුම්ගෙයි දෙපැත්තටම වෙච්ච පාඩුවක්...

දුන්න දේ ගැන කියනවනං..මංනං දුන්නේ ඒ දුන්න දේ ආසාව අතඇරලා..ඒ හින්දා ඒ මුදලට ඊට පස්සේ වෙන දේ මට වැදගත් නැහැ..කවුරු හරි ඒකෙන් ප්‍රයෝජනයක් ලබනවනං බොහෝම හොඳා...ඒත් ඒ ගැන මට හොයන්න උවමනාවක් නැහැ..මොකද මං කලේ එක ප්‍රාර්ථනාවයි..දහඩිය මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේ මේ වගේ පින්කමකට යොදවපු එකෙන් සසර වසනතුරු ඒ වැනි වූ ආබාධයක් මට නොවේවා..! කියලා විතරයි..ඒ හින්දා මං ඒ දේට සම්මාදන් උනේ මට පින් පිණිස..මට ඒ පින තිබිච්චාවේ..එයින් පස්සේ ඒ මුදලට වෙන දේ හොයන්න යනවා කියන්නේ මං කරපු දේ මං විසින්ම බාල කරගන්නවා කියන එකයි...

දුකා said...

@මාරයා!

දුන්නු දේ ගැන සහ ඒ මුදලින් කරන දේ ගැන සැලකිලිමත් වීම ගැන මේ තියෙන්නේ ෆේස්බුක් එකේ දිලුම් ග්‍රූප් එකේ මම කරපු ඉල්ලීම . .

"දිලුම් වෙනුවෙන් ඔහුගේ ජොයින්ට් එකවුන්ට් එකට එකතු වූ මුදල නිරාකරණය කිරීම"
. . . . ..
කෙනෙක් පින් පිනිස යමක් දුන්පසු එය සිතින් අත්හරින බව සැබෑවක් නමුත් අනාගතයේදී සිදුකිරීමට නියමිත ශල්‍යකර්මයක් වෙනුවෙන් මුදල් දුන්නා නම් ඒ තමා පරිත්‍යාග කල මුදලින් නියමාකාරයෙන් පල ප්‍රයෝජන ලබාගත්තාදැයි සොයා බැලීම දුන්දේ කෙරෙහි තන්හාවක් උපදවා ගැනීමක් නොව තමාගේ අරමුණ හරියාකාරව ඉටුවුනාදැයි දැන ගෙන නිරාමිස ප්‍රීතියක් විඳීම යැයි මගේ හැඟීමයි.
. . .. .
අවාසනාවට දිලුම්ගේ ශ්‍යල කර්මය වෙනුවෙන් අප සියලු දෙනා මුදල් බැරකල නමුත් ශල්‍යකර්මයට පෙර හදිසියේ දිලුම් අප අතරින් වෙන්විය.
. . .
ඉඳින් ඒ නිරාමිස ප්‍රීතිය විඳින්න නම් ඒ මුදල් කෙසේ වැය කලාදැයි දැන ගත යුතු නිසාවෙන් ඔහු වෙනුවෙන් මුදල් බැර කල සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනු කැමතිය.
. . .
ඒ මුදල් වලින් කල යුතු දේ ගැන කතිකා කීපයක් මේ පිටුවේත් ඉන් පිටත් සිදුවන බව සහ සිදුවූ බව ඔබසැමට දැන්විය යුතුය. (සුලු ශ්‍රවණාබාද ඇති දරුවන් කීප දෙනෙක් අඳ ගොලු බිහිරි පාසලින් තෝරාගෙන දිලුම්ට පින් පිනිස ඒ අය වෙනුවෙන් සාමාන්‍ය මිලකට ශ්‍රව්‍ය උපකරන පිරිනැමීම, නිවසක් නැති අසරණ පවුලක් සොයා දිලුම්ට පින් පිනිස ඔවුන්ට කුඩා නිවසක් සාදා දීම එසේත් නැති නම් එකතු වූ මුදල දිලුම්ගේ පවුලේ අයට ලබා දීම)
මේ සටහන ජොයින්ට් එකවුන්ට් එකේ ඇති මුදල් වෙනුවෙන් පමනි.
. . .
ඔබ ඔහුගේ ගිනුම්ට මුදල් බර කල අයෙක් නම් කැමති නම් තමන් බැරකල මුදලත් සමඟ ඒ මුදල් කෙසේ වැයකල යුතුදැයි ඔබට සිතෙන අයුරු කමෙන්ටුවක් මඟින් මෙහි සටහන් කරන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු.

Teshan said...

වැරදි වැටහීම් ඉවත් කිරීමට සිතීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා. දුන් දේ ගැන මාගේ අසතුටක් නැත. හැකි අයුරින් මිනිසුන්ට උදව් කිරීමට මා බොහෝ කැමතිය. නමුත් මූල්‍යමය අගහිඟතා නිසා ඒවාට බාධක පැමිණ ඇත. නමුත් දුන් දේවල් වැරදි විදියට පාවිච්චි කළා නම් එයින් ඒ ඒ අයට සිදු වෙන්නේ හොඳක් නෙවේ.

ඔබේ පැණයන්ට පිළිතුරු මෙසේයි.

1.ඔව්. 50 මෙන් දස ගුනයක මුදලක් බැර කළෙමි.(ඉලක්කම් 5ක මුදලක් රැකියාවෙන් ඉපැයුවත් එතරම් සුළු මුදලක් බැර කිරීමට සිදුවූ හේතුව මිල මුදල් අඩු තවත් මිතුරෙකු වෙනුවෙන් වියදම් කිරීමට සිදුව පැවතීම බව මගේ බ්ලොගයෙන් සොයා දැන ගන්න)

2.දිලුම්ගේ ගිණුමට.
3.නැත, මන්දයත් මා facebook තුල groups හා සම්බන්ධ නොවන නිසා.
4.එහෙයින් නැත.

අවුරුදු උත්සව, බ්ලොග් සංසදයේ හමුවීම්, පැදුරු සාජ්ජ වලට සහභාගී නොවුන හෙයින් සත 10ක්වත් බැර නොකලායැයි සිතීම නිවැරදිද?

අවුරුදු උත්සව සහ අනිත් අවස්ථා වලට සහභාගී වූ අය විසින් කළ ප්‍රකාශයන්ද ඉහළින් පල කෙරුනු කමෙන්ටුවට ඌණපූර්නයක් වූ බවත් සඳහන් කරන්නට අවශ්‍යයි.

මාගේ බ්ලොගයෙන් මා වරද වරද හැටියටත්, හරි දේ හරි විදියටත් කියන්නටයි උත්සාහ කරන්නේ. ඒ වගේම කවුරුන් හෝ වරදින් ගලවා ගැනීමටයි එවන් ලිපි පල කරන්නෙත්. ඒකේ ලිපි වල පල වෙන දේවල් ගැන ඔබලාගේ අදහස් මා හොඳින් දන්නවා. එබැවින් එය මෙහි කතා කිරීම පලක් නැත.

රංග - මගේ ලෝකය said...

TeeRox : දුකා අය්යා සහ දුමී අය්යා උඹගෙ ප්‍රශ්න වලට උත්තර දීල තිබුනත් මටත් මගේ සත 50 එකතු කරන්න හිතුනා.

"දිලුම්ගේ සැත්කම වෙනුවෙන් මෙහෙම එකතු කරපු හැම සතයක්ම දිලුම්ගේ මරණය සිද්ධ වෙන තාක් කල් ඒ ඒ සංසද වල ගිණුම් වල පවත්වාගෙන ගියේ දිලුම්ගේ මරණය සිද්ධ වෙන තාක් ද"

දිලුම් මැරෙන්න හිටපු එකෙක්වත් මැරෙන්න හේතුවෙන ලෙඩක් තිබුන එකෙක්වත් නෙමෙයි. ඒ කොල්ලට තිබුනේ සදාකාලිකව කන් ඇහෙන්න නැති එක. ඌට ඇහෙන්න සලස්වන එක තමයි හැමෝගෙම අරමුන උනේ. අන්තිම මොහොතේ බ්‍රේන් ටියුමර් එකක් ඇවිත් ඒකත් දොස්තරලගෙ විදියට සක්සෙස්ෆුල් රිමූව් කරා. ඒත් අන්තිම මොහොතේ තමා දන්නේ ඒක හරි ගියෙ නෑ කියල. බ්‍රේන් ටියුමර් එක ගැන කතාව ආවෙ අන්තිම මාසෙදි. සල්ලි දිලුම්ගෙ ගිනුමේ තියන් හිටියෙ අඩුම ලක්ශ 15 ක් එකතු උනාම දිලුම්ට ඔපරේශන් එකට දවසක් දාගන්න.

"මරණය සිදු වුනායින් පස්සේ ඒ මුදල් වෙන කෙනෙකුගේ ජීවිතයක් වෙනුවෙන්ම යොදවාවි කියලා ඇති අපිට තියන්න පුළුවන් විශ්වාසය මොකද්ද?"

දිලුම් වෙනුවෙන් එකතු කරපු සල්ලි ගැන හැම තැනම විස්තර බෑන්ක් එකවුන්ට් බැලන්ස් දාල තියෙනව. ඒ වගේම බුකියෙ වෙනම කතා බහක් යනව ඒ සල්ලි වලට මොකක්ද කරන්න පුලුවන් සුදුසුම දේ කියල.

"දිලුම්ව විකුනාගෙන කාලා නේද ඔය හැමෝම? දිලුම්ගේ නමින් හැමෝම පැදුරු සාජ්ජ, අවුරුදු උත්සව, ඩෙඟා නැටීම්, සතුටු වීම් සිදු කරලා එකතු කරගත් මුදල් තවමත් ඒ ඒ ගිණුම් වල පැවතීමම ඊට හොඳ නිදසුනක්."

කට තිබ්බ පලියට පොන්න කතා කියන්න එපා. තොට පොරක් වෙන්න ඕනෙ නම් උඹගෙම දෙයක් කරපන්. දිලුම් වෙනුවෙන් සයිබරේම එකතු උනේ ඒ කොල්ලව ගොඩ දාන්න මිසක් උගෙන් හම්බ කරන්න නෙමේ. සල්ලි තියෙන උන්ට සල්ලි දීල නිකම් ඉන්න තිබ්බා. නැති උන්ට ටිකට් පොතක් විකුනල නිකම් ඉන්න තිබ්බා. හැමෝම ඊට වඩා දෙයක් කරන්න උත්සාහ කරේ මූත් අපි වගේම කොල්ලෙක් නේද කියන හැඟීම තිබුන නිසා.

"දිලුම්ගේ පෞද්ගලික ගිණුමට පමණක් බැර කළ මුදල් ගැන පමණක් විශ්වාසයක් තැබිය හැක. මිනිසෙකුට සැලකිය යුත්තේ ජීවත්ව සිටියදී පමණයි. මරණින් පසුව කළ හැක්කේ පිං අනුමෝදන් කිරීමක් විතරයි."

දැන් මේ කරන්න යන කුමක් හෝ දෙයක් කරන්නෙ දිලුම්ට පිං පිනිස. සල්ලි ටික දිලුම්ගෙ ගෙදරට දීල අතපිහිදගන්න පුලුවන්. ඒක තමා ලේසිම දේ. ඒත් මනුස්සයෙක්ගෙ අසනීපයක් වෙනුවෙන් මිනිස්සු දුන්න මුදල් වලට එකතු කරපු අය වග කියන්න ඕනෙ. අන්න ඒ වගකීම නිසා තමා ලේසි පාරෙ ගිහින් අත පිහිද ගන්නෙ නැතුව ඊට වඩා වැදගත් දෙයක් කරන්න බලන්නේ.

දිලුම් අකලට අපි අතරින් ගියත් ඌ කරපු හොඳ දේවල් දෙකක් තියෙනවා. එක එක කට්ටි වලට බෙදිල හිටිය සයිබරේ ඔක්කොම එකම අරමුණකට එකතු වුනේ දිලුම් නිසා. දිලුම් නැති උනත් ඒ එකමුතුව අදටත් තියෙනව. ඒ වගේම බොරුවට කටින් බතල හිටවන උන් කවුද කියලත් ඌ පෙන්නල දුන්නා. අදටත් පෙන්නල දෙනවා.

මම දන්නෙ නෑ උඹගෙ අරමුන මොකක්ද කියල. සමහරවිට උඹගෙ සිස්ටම් එක හැමෝවම ක්‍රිටිසයිස් කරන එක වෙන්න පුලුවන්. එහෙම නැත්නම් සතපහක දෙයක් දිලුම් වෙනුවෙන් නොකර අර දුකා කිවුව වගේ උඹගෙම ගිල්ටි කොන්ශස්නස් එක හදාගන්න මෙහෙම බූරු කතා කියනව වෙන්නත් පුලුවන්.

ඒත් උඹ, උඹව හදපු අම්මල තාත්තලාටත් නින්දාවක් කියන එක තමා මට නම් කියන්න තියෙන්න.

Unknown said...

Ranga ayya.. well said machan.. well said!

කතන්දර Kathandara said...

මේ කියන්නේ අපි දන්නා බියොන් ද ෆ්‍රේම් අඩවිය නොවේ. එය ජනවාරි මාසයේ දී පමණ හැක් වෙලා නැති වී ගියා මතක නැද්ද?

ඉන්දික උපශාන්ත said...

ටී මලයාද බියොන්ඩ් ප්‍රේම් හැකරයාද එලියට දමන්නේ බහුතර මතය නොව කුහක සුළුතර අදහසයි. උන්ට නොතේරෙන හෝ තේරුම් ගන්න උත්සාහ නොකරන එකම දෙය ඉලක්කම හය හතකින් පඩි ලබනා හොඳ හිත ඇති මිනිසුන් කිහිපදෙනෙක් තමනට කෝකටත් තෛලය මෙන් සිටිනා ඉතාම සුළු ලාංකික හිතවතුන් පිරිසක් ඉදිරිපිට ඩෙඟා නටා ලක්ෂ තුන්හමාරක් වැනි සොච්චම් මුදලක් එකතුකර එය පිල්ලි ගසා කලිසම ගලවාගන්නෙ නැති බවයි.
එතරම් පහත් තත්වයට වැටිය යුතුනම් කරන්නට "සහරාවෙ තරු " මෙන් ඕන තරම් වැඩ ඇත.

Krishantha Manjula's blog said...

dumi ayye owa ganan ganna epa, api wedak kala kiyala danna nisane ohoma chodana ella wenne. natinam ehema chodana ella wenne nahane, hamoma dammawa oyala kale honda wedak kiyala

ගල්මල්-Coral said...

ලියන්න ඕන හැම විස්තරයම ලියවිලා තියෙනවා තේරුම් ගන්න පුලුවන් අයට ඒවා වැඩිත් එක්ක. කිරීම වෙනුවට කෙනෙහීමටම පුරුදුවීම අවාසනාවකි.

තවත් පොඩි සටහනක් එක් කරන්න අවසර: මැදපෙරදිග රැකියාවල නියුතු අය බොහෝ දෙනා අනේක සමාජ සද්කාර්යයනට හවුල් වෙනවා, එය කරන්නේ ද ඔවුන්ගේ ඇති දහසකුත් ප්‍රශ්ණ මැද්දේ. අවශ්‍ය අයෙකුට උපකාරයක් කිරීමේ එකම පරමාර්ථයෙන්. ඒවැනි වැඩවලදී දුමීලා හා දුකාලා කරන කොටස ගැන ලිවීමට මේ ඉඩ මදි, අවශ්‍යත් නැහැ. දිලුම් මල්ලී වෙනුවෙන් වූ ඉදිරිපත් වීම ඉන් එකක් විතරයි. අප්‍රමාණ ඒ වගේ කටයුතු කැපවීමෙන් කල අය මේ වැනි දෙකේ පංතියේ චෝදනා වලින් සැලෙන්නේ නැති බව ඒකාන්තයි.

සරත් ලංකාප්‍රිය said...

හොඳ වැඩක් කරන්න උදවු දෙන්න මිනිස්සු නැති උනාට කරන යට මද ගහන්න නම් අපේ සමාජයේ කොතෙකුත් ය ඉන්නවා. සමහරු හිතනවා මද ඔපදුඅප් තමුන්ගේ සයිට් ජනප්‍රිය කරන්න ආයුද කියල.. ඔබේ පිළිතුර බොහොම පැහැදිලියි .. බොහොම ආඩම්බරයි කරන වැඩ ගැන.. වැඩේ පටන් ගත්තම අපිට පොඩි හින්ට් එකක් දෙන්න අපි අපහු එන්නම් සහයට. මම නම් මුදල් යැවුවේ කෙලින්ම දිලුම්ගේ ගිණුමට මගේ නියම නමින්..ඒ වුනාට අපහු ඔහු වෙනුවෙන් කරන දෙකට මම අයිත සම්මාදම් වෙන්න කැමතියි.

Bunny said...

යෝජනා වක් ඇත..
අපි මේ මුදල් ඉහත සඳහං දිල්මි ට දෙමු.. :)

මම මම මයි said...

අන්න දිලුම් මල්ලි වෙනුවෙන් මමත් එනවා

සංජු said...

දිලුම් මල්ලිට දෙන්න බැරි වුණ දේ අපි දිල්මි දුවට දෙමු.

Post a Comment