Thursday, July 14, 2011

ඔබේ අවධානය මෙන්ම යෝජනා හා චෝදනා උදෙසායි.......

දිළුම්, අපි හැමෝම එක අරමුණකට, එක වහලක් යටට ගෙනාපු අපේම සහෝදරයා.. ඔහු අපෙන් වෙන් වෙලා මඳ කලක් ගෙවුනත් ඔහු අපේ හිත්වල තවම ජීවත් වෙනවා... අපි ඔහු වෙනුවෙන් මහ පවුරක් ගොඩ නගමින් සිටිද්දි ඉතා අවාසනාවන්ත අයුරින් ඔහු අපෙන් මිදුනා... ගඩොලින් ගඩොල එකතු කර සාදමින් තිබූ එම පවුර නිම කරන්නට කලින් දිළුම් අපෙන් වෙන්වීම අප සිත් තුල දුකක් ඇති කරන්නට සමත් උනා... දිළුම් වෙනුවෙන් එකතු කර අරමුදල තවමත් නොසෙල්වී තියෙනවා.... එම අරමුදලින් කිරීම සඳහා වූ සුදුසුම ක්‍රියා මාර්ගයක් ගන්නාතුරු අපි මේ ගැන කතා කලේ නෑ... මේ වන විට ඒ සඳහා සාධාරණ විකල්පයක් අපට හමුවී තියෙනවා.. පහත පින්තූර වලින් කියවෙන්නේ එයයි...




දිළුම්ගේ රෝගයට ඉතා ආසන්න රෝගයක් තමයි මේ පුංචි දැරියට තියෙන්නෙත්... ලංකාවේ සයිබර් මිතුරෝ එකතු කල සියළු මුදල් එම දැරියට ලබා දෙන්න අපි හිතා ගෙන ඉන්නවා... ඔබේ යෝජනා මොනවාදැයි දැන ගැනීමට ඉත කැමැත්තෙන් ඉන්නවා අපි....

ඉතා අවධාරණයෙන් ඉල්ලන්නේ ඔබෙන්... පහත පල කරන වචන ඉතා වගකීමෙන් මෙන්ම තම නමින් පල කරන ලෙස.. ඇනොනිමස් කමෙන්ට් මෙන්ම අන්වර්ථ නාම වලින් කරන කමෙන්ට්ස් නොසලකා හරින බවද කිව යුතුයි..

25 comments:

රත්ගමයා said...

වචන තුනයි අයියේ තියෙන්නේ

අපි මේක කරමු

රත්ගමයා said...

දිලුම් අයියා වෙනුවෙන්.......

Thusitha (දිමා) said...

අපි මේක කරමු

කිඩෝ said...

යා දිලුම් අයියා වෙනුවෙන් මේක කරමු...

නඟා said...

දිලුම් අයිය වෙනුවෙන් අපිට කර ගන්න බැරි උන දේ මේ පුංචි ද්වුඅ වෙනුවෙන් කරමු... අපි ඉන්නව. ඕනම දේකට...

Deeps said...

දිලුම්, දිල්මි....කවුරු වුනාට මොකද,,මේ වැඩේට මාත් කැමතියි...

easanka said...

මමත් මෙ වැඩේට කැමතියි.

සිහින said...

අපි දිලුම් වෙනුවෙන් මේ පොඩි එකීව සනීප කරමු අභීත අයියේ.හොඳම තීරණේ ඔයාල අරන් තියනවා.හැම දෙයක්ම ඉක්මනින් අවසන් කරමු !

හිස් අහස said...

අභීත ලොකුඅයියා . අපේ සහය හැමදාම තියේ ...!

චතුවා said...

නියමයි! දිලුම් අයියා වෙනුවෙන්.. අපේ සහාය හැමදාමත්..

දිල් said...

දිළුම් වෙනුවෙන් මට යමක් කරන්න බැරි උනා. ඒ මම මගේ නංගි වෙනුවෙන් කැපවෙලා උන්න නිසාවට. මේ සත්කාරයට මගේ උපරිම සහයෝගය

සරත් ලංකාප්‍රිය said...

හරිම හොඳ වැඩක්.. දිලුම් සහෝදරයට ඒ පින ඇත වීමෙන් නවටැහැ මාවන් අකල් මරණයකට ගොදුරු නොවේව කියල පතමු.ගිණුම් තොරතුරු සපයුවට පින්. මමත් එතනට ආදාරයක් කරනවා.

නචියා said...

මේක තමයි අයියේ කරන්න සුදුසුම දේ.. අපි මේක කරමු..

දුකා said...

නියමයි අභී . . .

ලෝකේ දකින්න පටන් ගත්තු දුවෙක් . .

පටන් ගැන්මෙදිම ලෝකේ අහන්න බැරුව අසරණ වෙලා . . .

අපේ දයාබර දිළුම් මල්ලීට පින් පිනිස අපිට මීට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයිද . . . ?

මමත් කැමතියි මේ වැඩේට . .

පිටස්තරී said...

මේ පුංචි කෙලීට උදව් කරමු අයියෙ.මේක තමා දිලුම් අයියා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ..
මේ පුංචි කෙලීට උදව් කරමු අයියෙ.මේක තමා දිලුම් අයියා වෙනුවෙන් කරන්න පුලුවන් හොදම දේ..

Pathum Herath said...

මේ වැඩේ කරන්න. ඉලංදාරියාට අනිවාර්‍යයෙන් පිං සිද්ධ වෙන වැඩක් වෙයි. අනිත් එක මේ වගේ අහිංසක ජීවිත වලට පොඩි හරි සහනයක් වෙන එක අපි කාට කාටත් පිං සිද්ධ වෙන වැඩක්

jhothishalanka said...

හරිම වටිනවා.අපි මේ දරුවව සනීප කරමු.ඉලංදාරියාට පින් අනුමෝදන් කරමු.

Anonymous said...

ෆුල් සපෝර්ට්

ශානි said...

දෙන්නටම එකම දේනේද අයියා තියෙන්නේ දිලුම් අයියාගෙ සල්ලි අපි මේකට දෙමු

පූසා said...

මේ වැඩේට මමත් කැමතියි :)

wwksamantha said...

ගොඩාක් හොද අදහසක්...... හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්

දුමී said...

මමත් හිතෙනවා පිපෙන්න වෙර දරන මේ මල් කැකුලට පිහිට වෙන එක තමයි දිළුම් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් ලොකුම පුණ්‍ය කර්මය. ඩුබායි පැදුරු සාජ්ජ මුදලත් මේ වෙනුවෙන් යොදවන්න මම පරිත්‍යාග කරපු උදවිය දැනුවත් කරන්නම්.

අභීත, මේ ශල්‍යය කර්මයට අවශ්‍යය මුළු මුදලින් කොපමණ ප්‍රමාණයක් දැනට එකතු වෙලා තියෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්ද ? මදි පාඩු දැන ගත්තොත් අපිට ටාර්ගට් එකක් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් වේවි.

ශෝචක said...

දිලුම් වෙනුවෙන් මමත් මගෙ උපරිම සහයෝගය ඔයාලට දෙනව.....................

චතුමිතු said...

එක පයින් කැමතිය..කතා 2ක් නොමැත :)

සිතුවිලි නිහඬයි said...

දිලුම් අයියගේ ජිවිතේ බේරගන්න බැරි වුන එකේ අපි මේ පුංචි නංගිගේ ජිවිතෙවත් බේරාගමු...එක පයින් කැමතිය

Post a Comment