Tuesday, May 31, 2011

ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල මුදල් වලට මොකද උනේ ?

බියෝන්ඩ් ෆ්‍රේම් බ්ලොග් සහෘදයා විසින් තමන්ගේ බ්ලොග් අඩවියේ නගන ලද "ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ..." යන පැනයට පිලිතුරු ලෙස මා විසින් පහත සඳහන් පිළිතුර සැපයූවෙමි.

ඉලන්දාරියා වෙනුවෙන් එකතු කල සල්ලි අරගෙන ටැබූ ආතා, දුකා මාමා, දුමියා මාරු වුනාද? රුපියල් ලක්ෂ පහට මොකද උනේ...
-------------------------------------------------------------------------------

(දිනය නිමා වන විට "Beyond Frame " විසින් පල කර තිබූ ඉහත සටහන ඉවත් කර ඇති බව දැන ගැනීමට ලැබුනා. නමුත් ඔහුගේ බ්ලොග් එකේ ඇති "RSS feeder" එකේ තවමත් ඒ සටහන දක්නට ලැබෙනවා.)


හිතවත්  Beyond Frame ,

ස්තූතියි මේවගේ කතිකාවක් ඇති කිරීමට උත්සාහ කිරීම ගැන. දිලුම්ගේ මරණයෙන් පසුව මේ මුදල් සම්භන්ධව බ්ලොග් පෝස්ට් එකක් වැටුනේ නැති නිසා කොහොමත් රාමුවෙන් පිට සිටින ඔබට රාමුව තුල සිදුවන දේවල් පේන්න නැතිව ඇති කියා සිතනවා.

ඔබගේ දැන ගැනීම පිනිස, තාමත් අපි දිළුම් වෙනුවෙන් ඇප කැප වෙලා තම කාලය, ශ්‍රමය, දහඩිය වැය කෙරූ බ්ලොග් සහෘදයන් කිහිපදෙනෙකු අතරේ මේ දිනවල මේ එකතු වූ මුදල් වලින් අප හට කල හැකි වෙනත් සද්කාර්යයන් කිහිපයක් ගැන සාකච්චා කරමින් පවතිනවා.

මේ මුදල් ලබාදුන් අයගේ අදහස් විමසීමක් මේ දිනවල සිදු වෙමින් පවතිනවා දිලුම් වෙනුවෙන් පවත්වාගෙන ගිය "Facebook group" එකේ. ඔබ තවම ඒ බව දැනුවත් නැතිනම් මෙතනට ගොසින් එය බලා ගත හැක.

http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1

අප දන්නා පරිදි ටැබූ සහ බින්කු විසින් එකතු කල මුදල මේ වන විටත් දිලුම් වෙනුවෙන් පවත්වාගෙන ගිය සමූහ ගිණුමේ තැන් පත් කර ඇත.

අප විසින් පැදුරු සාජ්ජ පවත්වා එකතු කල මුදල ගැන සියළු සවිස්තර වාර්ථාවක් තියෙනවා මෙන්න මෙතන.

http://friendsofdilum.blogspot.com/2011/02/blog-post_22.html

පැදුරු සාජ්ජය හරහා එකතු කල මුදල් එක්සත් අරාබි එමීරයේ අප මිතුරන් රැසක් විසින් පවත්වාගෙන යන "අපේ කට්ටිය" මිතුරු සංසදයේ සමූහ ගිණුමක තැන්පත් කර ඇති බව ඔබ වෙත සහ මෙය කියවන සැම වෙත දන්වන්න කැමතියි.

මේ දිනවල අප විසින් මේ මුදල් වලින් කල හැකි විවිධ පුණ්‍ය කර්මයන් (පන්සලකට, දේවාලයකට පූජ කිරීම නොවේ) ගැණ සලකා බැලෙමින් පවතිනවා. එය සමහර විට දිලුම් මෙන් ශල්‍ය කර්මයකට මුදල් සොයාගත නොහැකිව පසුවන කෙනෙකු සොයා පිහිට වීම, අසරණ පවුලක් සොයා ඔවුනට ගෙයක් තනා දීම, අඳ ගොළු බිහිරි පාසලේ දරුවන් වෙනුවෙන් ශ්‍රවණ ආධාරක ලබාදීම වැනි දේවල් වලින් එකක් හෝ කිහිපයක් විය හැක.

අප විසින් එකතු කල සෑම සතයකට ඉතාමත් විශාල වගකීමක් අප අත රැඳී ඇති බැවින් ඒ ඒ සඳහා ඉතාමත්ම විනිවිද භාවයකින් කටයුතු කිරීමට අප බැඳී සිටින අතර  ගනු ලමන සෑම ක්‍රියා මාර්ගයක් ගැනම බ්ලොග් අවකාශය දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ඔබතුමාට ගොඩක් ස්තූතියි.

මෙයට දුමී.

================================================


(බ්ලොගර් කමෙන්ට් සිස්ටම් එකේ ගැටළු කාරි තත්වයක් ඇති බැවින් කමෙන්ට් දැමීමට කරුණාකර සාමාන්‍ය එඩිටරයට පහතින් ඇති තාවකාලික එඩිටරය පාවිච්චි කරන ලෙස ඉල්ලා සිටිමි.)

Monday, May 23, 2011

නිවී ගිය පහන් සිල