Thursday, July 14, 2011

ඔබේ අවධානය මෙන්ම යෝජනා හා චෝදනා උදෙසායි.......

දිළුම්, අපි හැමෝම එක අරමුණකට, එක වහලක් යටට ගෙනාපු අපේම සහෝදරයා.. ඔහු අපෙන් වෙන් වෙලා මඳ කලක් ගෙවුනත් ඔහු අපේ හිත්වල තවම ජීවත් වෙනවා... අපි ඔහු වෙනුවෙන් මහ පවුරක් ගොඩ නගමින් සිටිද්දි ඉතා අවාසනාවන්ත අයුරින් ඔහු අපෙන් මිදුනා... ගඩොලින් ගඩොල එකතු කර සාදමින් තිබූ එම පවුර නිම කරන්නට කලින් දිළුම් අපෙන් වෙන්වීම අප සිත් තුල දුකක් ඇති කරන්නට සමත් උනා... දිළුම් වෙනුවෙන් එකතු කර අරමුදල තවමත් නොසෙල්වී තියෙනවා.... එම අරමුදලින් කිරීම සඳහා වූ සුදුසුම ක්‍රියා මාර්ගයක් ගන්නාතුරු අපි මේ ගැන කතා කලේ නෑ... මේ වන විට ඒ සඳහා සාධාරණ විකල්පයක් අපට හමුවී තියෙනවා.. පහත පින්තූර වලින් කියවෙන්නේ එයයි...




දිළුම්ගේ රෝගයට ඉතා ආසන්න රෝගයක් තමයි මේ පුංචි දැරියට තියෙන්නෙත්... ලංකාවේ සයිබර් මිතුරෝ එකතු කල සියළු මුදල් එම දැරියට ලබා දෙන්න අපි හිතා ගෙන ඉන්නවා... ඔබේ යෝජනා මොනවාදැයි දැන ගැනීමට ඉත කැමැත්තෙන් ඉන්නවා අපි....

ඉතා අවධාරණයෙන් ඉල්ලන්නේ ඔබෙන්... පහත පල කරන වචන ඉතා වගකීමෙන් මෙන්ම තම නමින් පල කරන ලෙස.. ඇනොනිමස් කමෙන්ට් මෙන්ම අන්වර්ථ නාම වලින් කරන කමෙන්ට්ස් නොසලකා හරින බවද කිව යුතුයි..