Monday, January 31, 2011

An Appeal: Please Help this Blogger | මේ බ්ලොග්කරුවාට උදව් වෙමු

Taboo Subject's post

An Appeal: Please Help this Blogger | මේ බ්ලොග්කරුවාට උදව් වෙමු
Posted by Taboo on January 31, 2011


It is a sheer coincidence that I highlight two disabled individuals today. (‘Differently-abled’ is the politically correct term, but I wish to remain politically incorrect) One is a Tamil and a girl. The other is a Sinhalese and a boy. Both are roughly the same age.

If you are a blogger you may want to skip this, as you already know the story. If you are a reader, please carry on.

Dilum Dissanayake (aka Ilandariya), a Sinhala blogger, is suffering from profound sensory neural hearing loss for a period of one and half years. This hearing loss cannot be improved with medical treatment, according to his doctor, Dr. D. S.C. (Shantha) Perera, MBBS, MS, DLO, FRCS, Consultant ENT & Head and Neck Surgeon, National Hospital of Sri Lanka, Colombo. Other details are given in the following two posts by Dukaa and the blogger himself. The solution, surgical treatment with Cochlear implant, it seems, will cost about Rs. 3 million.

අපි හැම දෙනාම එක්වෙමු – ඉලන්දාරියාට උදව් වෙමු.

නිහඬ ලොව බිඳින්න

Dilum, who dreams to be a TV producer, will not achieve that sans hearing and the voice, which he is gradually losing.

When I saw the following comment by Supun Budhajeewa, a young Sinhala/English blogger and a Linux enthusiast, I suggested that if he cannot donate in money he could in kind. My request to him was to setup an easy way for my readers to contribute.

මම මේ කම්පනා කොලේ කොහොමද පොඩි හෙල්ප් එකක්වත් දෙන්නේ කියලා, බොරු කියන්නෙ මොකටද දායකත්වයක් දෙන්න තරං අපේ ගෙදර අය-වැය ශක්තිමත් නැතුවා. මාර කේස් එක තමා.

Supun took the challenge but pointed out that PayPal does not allow Sri Lankan accounts. He also suggested we bring his friend Narada Thomas or ‘ИДЯДDД ΓHФMДS’ (better known as ‘Binku’ in the blogosphere) in. Binku, another Sinhala blogger and a fine arts student from Kanata, Canada readily agreed and both of them together devised the system.

My role here is only promotion. Binku is in touch with Dukaa and Dilum and will transfer what he collects.
We have no high hopes. If this effort by three of us (Binku, Supun and Taboo) collects US$ 1,000 (roughly Rs. 1,00,000) we are happy and treat our part done.

For donations please use this link. If you wish to remain anonymous please let Binku know by a mail to narada[at]love[dot]com.

I urge all readers of the blog Taboo Subjects to join hands with the Sinhala Bloggers by contributing to this worthy task. Many thanks in advance.

Thanks both Supun and Binku

Click hear to go to the original post

අපි වෙනුවෙන් අපි – CyberFriends for Dilum (ඉලංදාරියා)

Dar[K]'s Tech Journal අඩවියේ 31-01-2011 දින පල කල ලිපියයි මේ.

අපි වෙනුවෙන් අපි – CyberFriends for Dilum (ඉලංදාරියා)
ජනවාරි 31st, 2011

අදින් බ්ලොග් සතිය අවසන් වෙනවා. සතිය කිව්වට මට නම් ලියන්න පුලුවන් වුනේ දවස් දෙකයි. හොස්ටින් ආයතනයෙන් නොදන්වා කරපු අලුත්වැඩියාකටයුත්තක් නිසා දවස් 2ක් බ්ලොග් එකට එන්න වුනේ නෑ ඒ එක්කම ගොඩක් අය දාපු කමන්ට් පවා මැකිලා. හරී දැන් අපි එමුකො ටොපික් එකට ” අපි වෙනුවෙන් අපි – CyberFriends for Dilum (ඉලංදාරියා)“

ඇත්තම කියනවා නම් මේ දේ ගන මම දැනගත්තේ සෙනසුරාදා හවස 5ට විතර මූණුපොතේ යාලුවෙක් එක්ක චට් එකක් දාගෙන ඉන්නකොට යාලුවෙක් මටඑව්වා දුකා අයියාගේ මෙන්න මේ පොස්ට් එකේ ලින්ක් එක. මම ඒ වෙලේ තමා මුලින්ම ඒ පොස්ට් එක කියෙව්වේ. ඉලංදාරියා හෙවත් දිලුම්ගේ බ්ලොග් අඩවියඉදලා හිටලා කියෙව්වත් සති දෙකකින් යන්න වුනේ නෑ. සුභාශ් අයියාගේ ලිපිය කියෙව්ව ගමන් කරේ මම මේ ගැන තිබුන ඔක්කොම ලිපි කියවපු එක.

ඒ ලිපිවල තියෙන විදියට ඔහු දැනට වසර 1 1/2ක ඉදලා ශ්‍රවණ ආබාධයකින් ඉන්නේ. වැඩි විස්තර සදහා ඉලංදාරියාගේ බ්ලොග් එක කියවන්න. මේකකියවපු වෙලේ ඉදලා හිතට නගුන අදහසක් තමා කෙසේ හො නොදුටු සහොදරයාගේ නිහඩ බව බිදින්න මොකක් හරි කරන්න ඔනේ දේ. ඒ ගැන විස්තරහොයන කොට සිහින අවුරුදු උත්සවය තුලින් යම් දායකත්වයක් දක්වන බව මේ ලිපියෙන් දැක්කා. එමෙන්ම දුකා අයියාගේ බ්ලොග් එකේ තිබුනා මෙන්නමේ වගේ කොටසක්…

“ඔව් මරේ, වැප්, මාරයා, රචියා, සුදාරක, ඇන්ෂු, චමිල, මලිය, හරේෂ්, සඳුන්, ලසිතය, ලිෂාන්, හසිත් ප්‍රසංග, සචී, හෂිත, ඩෝසා, නීනු, ඩීප්ස්, කනියා, පහන්,කාලිංග, තිලිණ, ඉන්දරේ, බනියා, යෝගියා, රවා, හරී, රන්දිකා, තනෝජා, නලින්, ජනිතා, අභියා, බුද්ධි, දිල්ශාරා, අනුරාධ, පසන්, මාරයා, රේවන්, විෂ්මි,වත්සලා, පබලු , පිනි පලස, කලිකාල, පූසෝ සෙට් එක, හසී පවුල, තරිඳු, බුධාජීව, රත්ගමයා, තමිර, වත්සලා, නුවන්, සඳරු, වගේ අයට එහෙම පුලුවන් වෙයිඕගනයිසින් වැඩ බාර ගෙන බෙදල දෙන්න “

මේක දැක්ක වෙලේ ඉදන් මමත් කල්පනා කරා මම දන්න කියන අය එක්ක කතා කරලා මේ වෙනුවෙන් මගේ පැත්තෙන් වෙන්න ඔනේ දේ කරන්න. කියන්නසන්තොසයි මේ වෙනකොට මට මේ සද්කාරයට මෙන්න මේ අයුරින් දායකත්වයක් දෙන්න පුලුවන්.

■දිලුම් හෙවත් ඉලංදාරියාට ආධාර පිණිස සංගීත සැදෑවක් කරන්නේ නම් ඒ සදහා ගායක ගායිකාවන් 12ත් 15ත් අතර ප්‍රමාණයක් එකතු කරලා දෙන්න[ මේ සෙනසුරාදා රාත්‍රි 7 ඉදලා දුරකතන ඇමතුම් වලින් සම්බන්ධ කරගන්න පුලුවන් වුන අය හා ඔවුන්ගෙන් සහභාගීත්වය ස්ථිර කරපු අය] මේ ගැන කවුරුන්හො උනන්දුවක් තියේ නම් වැඩපිලිවෙලක් හදන්න.
■ඊයේ දිනයේ නිල නොවන මට්ටමින් [ ඒ කියන්නේ පුද්ගලිකව හමුවෙලා ] කරන ලද සාකච්චාවකින් අනතුරුව හිරු FM මාධ්‍ය ජාලයෙන් පොරොන්දු වුනාමුදලින් ලක්ශ 2කකට ආසන්න ගණනක් පරිත්‍යාග කරන්න. ඒත් ඒ සදහා දිලුම්ගේ භාරකාරයෙක් අවශ්‍ය කරන ලියකියවිලි [ ඒ කියන්නේ වෛද්‍ය වාර්තා] හා සවිකරන්න නියමිත උපකරණයේ මිලගණන් පිලිගත් ආයත දෙකක නිර්දේශ [ඒ කියන්නේ මිලගණන් / කොටේශන්] රැගෙන එන්න ඔනේ.
මේ දැනට ලැබුන සාර්ථක පිලිතුරු දෙක බලාපොරොත්තු වෙනවා අද දවස ඇතුලත කිහිප වරක් මේ පොස්ට් අලුත් කරන්න.

අවසාන වශයෙන් කාරුණික ඉල්ලිමක් තියෙනවා කරන්න මේ සමග තියෙන පින්තූරය මූණුපොතේ ඉන්න අය තම තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය විදියට දාගන්න.
බ්ලොග් සදහා වන විජට්ටුව ඉක්මනින්ම ලබා දෙන්නම්. ලිපිය අවසන් කරන්නට ටොපිය ලියන රචියගේ මෙන්න මේ පද ටික එක් කරගන්න හිතුවා
අවසාන වශයෙන් කාරුණික ඉල්ලිමක් තියෙනවා කරන්න මේ සමග තියෙන පින්තූරය මූණුපොතේ ඉන්න අය තම තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය විදියට දාගන්න.බ්ලොග් සදහා වන විජට්ටුව ඉක්මනින්ම ලබා දෙන්නම්. ලිපිය අවසන් කරන්නට ටොපිය ලියන රචියගේ මෙන්න මේ පද ටික එක් කරගන්න හිතුවා

තෙවැනි දිනට යෙදෙනා බක් මහේ සරූ
සයිබර් හිතවතුන් හා එක්වෙති මිතුරූ
බස් බ්ලොග් තුලින් පමණක් නොව එන කවුරූ
ට්විටර් වත්පොත් ද පිලිගමු සිතින් සරූ

බ්ලොග් ලුහුබැඳ කමෙන්ට් දමා කර වාද
සංවාදෙන් කවුරුන් හෝ දිනුවාද?
මරු කොර එළ සිරා අදහස් වැටුනාද?
බ්ලොග් හිතවතුන් එදිනට හමුවෙමු නේද?

මූණුපොතේ සරි කවිකම් පාමින්නා
විඳීම් ලොවේ මිතුරන් එදිනට එන්නා
අන්තර්ජාලෙ සාජ්ජේ ට්‍රෙන්ඩ් කරමින්නා
ට්වීට් කරන්නොත් එදිනට සෙට්වෙන්නා

Buzz පවුලක්ය සිත් සරියට සරිවේයා
මරණේ, දිල්, තිසා අයියත් සිහිවූයා
Google සිටම උන් හට හෙළ වදන් වියා
Buzz සෙට් එකත් තුන්වෙනිදා එක්වේයා

කර්ම ඵල සමග මිනිසුන් හට කවර
නොයෙකුත් විපත් එයි මේ රුදු දිවි කතර
එදිනට විත් හැකි උපරිම දෙයක් කර
හිතවත් “ඉලං” හට සවියක් වෙමු මිතුර…

ඉලංදාරියා කොල්ලෝ….. අපි උඹව ගොඩ දානවා කොහොම හරි

මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

ඉලංදාරියට උදව් කරන්න පහසු විදියක් මෙන්න

අමිලගේ අඩවියේ 31-01-2011 දින පල කල ලිපියයි මේ.

ඉලංදාරියට උදව් කරන්න පහසු විදියක් මෙන්න

ඉලංදාරිය කියන්නේ කව්ද? සහ ඔහුට මොකද වෙලා තියෙන්නේ කියන දේ ගැන දන්නේ නැති අය ඉස්සෙල්ලම මේ බ්ලොග් ලිපි තුන කියවල ඉන්නකෝ.

http://ilandhariaya.blogspot.com/2011/01/blog-post_26.html
http://dukaa.blogspot.com/2011/01/blog-post_27.html
http://0chaturanga0.blogspot.com/2011/01/blog-post.html

මුලින්ම කියන්න ඕන දිලුම් (ඉලංදාරියා) මගෙ පාසල් කාලෙ ඉදල යාලුවෙක්. දිලුමුයි මමයි පාසලේ 06 වසරෙ ඉදල උසස්පෙල අවසන් වන තෙක්ම එකම පන්තියෙ ඉගෙන ගත්තෙ. ඊයෙ මමයි තව යාලුවො දෙතුන් දෙනෙකුයි ඉලංදාරියයි එයාගෙ අම්ම සහ තාත්තවයි මුණගැසුනා. මේ වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් බලන්න. මට ඒ අයව දැක්කම ඇතිවුන හැගීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.


ඉලංදාරියගෙ අම්මයි තාත්තයි එක්ක කතා කලාට පස්සෙ අපි තීරණය කළා මේ වෙනුවෙන් අපි Ticket එකක් මුද්ර ණය කරන්න. ඒවා විකුණා ලැබෙන ආදායම ඉලංදාරියාට දෙන්න. බ්ලොග් ලියන නොලියන ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනේ කෙසේ හෝ හැකි තරම් ටිකට් ප්රාමාණයක් විකුණා දෙන ලෙසයි. ඉලංදාරියගෙ බ්ලොග් ලිපියේ ඉල්ලා ඇති පරිදි ඔහුගේ බැංකු ගිණුමට ආධාර කරන්න පුලුවන් අය ඒ විදියටම කරන්න. සයිබර් සැණකෙලිය මගින් කරන වැඩේටත් පුලුවන් අය සහභාගි වෙන්න. මමත් සහභාගි වෙන්න උත්සාහ කරනවා. සමහරු මේ වෙනුවෙන් car wash, sticker, musical show වැනි දේවලුත් කරන්න යනවා කියල ආරංචි උනා. ඒ විදියට කරන්න පුලුවන් හැමදේම කරන්න. අපිත් ඒ හැමදේටම සහභාගි වෙනවා. ඒ දේවල් වලට සමගාමීව මේ ටිකට් අලෙවි කිරීමද කරගෙන යමු කියල මම ඔයාලෙගෙන් ඉල්ලා සිටිනවා.

මම දන්න හැටියට බ්ලොග් කරන ගොඩක් අය පාසල් සහ විශ්ව විද්‍යාලවල අය. ඒනිසා ගොඩක් අයට පුද්ගලිකව මුදල් ආධාරයක් ලබාදෙන්න අමාරුයි. නමුත් ටිකට් පොතක් විකුණල දෙන්න වියදමක් යන්නෙ නැති නිසා මේ ක්‍රමයෙන් හරි ඔයාල දිලුම්ට උදව් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මේ වැඩේ කරගෙන යන්නෙ ඉලංදාරියගෙ අම්මයි තාත්තයි සමග සම්බන්ධ වෙලයි. ටිකට් විකුණා ලැබෙන ආදායම කෙලින්ම ලබාදෙන්නෙ දිලුම්ගෙ අම්මටයි තාත්තටයි. පාසලේ එක පන්තියේ හිටිය අපි ඊයෙ හමුවුනා. අපේ වියදමෙන් ටිකට් මුද්ර ණය කරල දෙනවා. මේ වෙනුවෙන් සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය හැටියට දක්වන්න පුලුවන් සහයෝගය ගැන අහන්න මං කාලිංගට සහ ඉන්ද්රිනාමට කතා කලා. එයාලගෙත් සම්පූර්ණ සහයෝගය මේකට දෙනව කියල කිව්වා. ටිකට් එකේ SBU නිල ලාංඡනය මුද්රලණය කරන්නත් අනුමැතිය දුන්නා. ඒ වෙනුවෙන් කාලිංගට සහ ඉන්ද්රේනාමට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

මේ වෙනුවෙන් උදව් කරන්නෙ කොහොමද කියල සාකච්ඡා කරන්න ලබන ඉරිදා (2011-02-06) උදේ 9.00 ට අපි රැස්වීමක් සංවිධානය කළා. නුවරට එන්න පුලුවන් අය එන්න.

සෙනසුරාදා වෙද්දි ටිකට් මුද්රකණය කරල අවසන් වෙනවා. එක් ටිකට්පතක් රු. 50/= කට අලෙවි කරන්න තමයි තීරණය කළේ. ඔයාල හැමෝම එක ටිකට් පොතක් බැගින්වත් විකුණල දෙනවනම් ගොඩක් ස්තූති වෙනවා. ඉරිද රැස්වීමෙදි ටිකට් පොත් බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. රැස්වීමට නොඑන අයට ටිකට් පොත් ලබාගන්න, නුවර අවට ඉන්න අයට මාව දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ටිකට්පොත් ලබාගන්න හැකියි. (0716861064)


කොළඹ අවට ඉන්න අයට මෙලාන් (0715907626) සහ අසංක ද සිල්වා (0777809046 / 0716432703) දුරකථනයෙන් සම්බන්ධ කරගෙන ටිකට් පොත් ලබාගන්න පුලුවන්.

ටික දවසක් යනතුරු මෙම බ්ලොග් සටහන සින්ඩියේ ඉහලින දර්ශනය කරන්න කියල මම ඉල්ලා සිටිනවා.
 
මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

අන්තිමට අපි ඔක්කොමල්ලා කියන දේ අහගෙන ඉඳලා ඉලංදාරියා හිනා වුණා.... ( අපේ සිහිනය )

රෝස වලාකුළු අඩවියේ 30-01-2011 දින පල කල ලිපියයි මේ.

අන්තිමට අපි ඔක්කොමල්ලා කියන දේ අහගෙන ඉඳලා ඉලංදාරියා හිනා වුණා.... ( අපේ සිහිනය )

මම පෙරේදා හදිස්සියෙම මගේ gmail එකට ගියා...එතකොට මම දැක්ක ගෙහාන් අයියා මට email එකක් එවලා තියෙනවා.... මම ඒකෙ තියෙන link එකට ගියා ... මම එදාමයි ඉලංදාරියාව දැක්කෙ...ඒත් පෝස්ට් එක කියවන්න මට වෙලාවක් තිබුණෙ නැහැ....බස් බ්ලොග් සතියට වත් enter වෙන්න මට බැරි වෙලා හිටියෙ වැඩ වැඩි නිසනේ....
ඔන්න මම ඊයේ face book  ආවාම මම ආපහු ඉලංදාරියාගෙ පින්තූරෙ links දැක්කා.. මෙතන මොකක් හරි ලොකු සීන් කෝන් එකක් තියනවා කියලා තේරිලා එයාගෙ blog එකට ගියා...

මළ කෙලියයි...මම අත ඇරලා තියෙන්නෙ අපේ කස්ටියගෙ දැවෙන ප්‍රශ්නයක්නේ....එකෙක් බ්ලොග් ලියන එක නැවැත්තුවත් දෙක වෙන්න  අපි කෑ ගහනවා..එකෙක් අසනීප වෙනවා කියන්නෙ අපිට ජාතික ප්‍රශ්නයක්... ඇරත් කොල්ලෙක්...අවුරුදු විසිපහයි... කිරි කිරි වයසනේ...

ඉතින් ඔන්න වහාම ක්‍රියාත්මක වන පරිදී මමත් වැඩේට බැස්සා..graphics දෙකක්ම හැඩුවා.. එකක් tag කරලා fb album යවන්න... අනික බ්ලොග්ස් වල side bars වලට use කරන්න....ඒත් මෙන්න දැන් ටිකකට කලින් එකෙක් massage එකක් එවලා animation එකක් දාමු කියලා... මම මේ එහෙම එකක් හදන්න try කරන ගමන්....

ඉතින් ඔන්න කට්ටියගෙම වැඩ ඉවර වෙන්නෙ දිලුම් අයියාට අපේ කචු කුචුව ඇහිච්ච දාට.....මතකයිනෙ....අපි ඔක්කොම ගීත් අයියා කිව්වා වගේ එක පවුලක්.... දුකා අයියා කිව්වා වගේ අපේ අයට අපි නැතුව කවුරු උදව් කරන්නද?..........


මම දැක්ක facebook එකේ Neranji Sulakkana කියලා girl කෙනෙක් දාපු කවියක්....


උඹෙ දුක කියන්නට කටවල් ගොඩක් ඇතී..
නුඹෙ සුවයක් දකින්නට නෙත් බලා සිටී
හීනයක් නොවේ අසපන් මගේ සකී
කන් දහසක් උඹ වෙනුවෙන් අසා සිටී.....................
 

ඒකත් එක්කම ඔන්න මම මේ ලිපිය නිමා කරනවා....

ඉලංදාරියා අයියාගේ ලිපියට
දුකා අයියාගෙගේ ලිපියට
ගීත් අයියාගෙ ලිපියට

මේ සබැඳි වලින් යන්න පුලුවන්...ඒ එක්කම ඔබ ලියපු ලිපිත් comments  විදිහට මේකට links දෙන්න.....

අපේ වැඩ පිළිවෙල වේගයෙන් යාවත්කාලින වෙන්නෙ සිංහ‍ලෙන් කිව්වොත් update වෙන්නෙ fb group එකේ නිසා මේ සබැදියෙන් එහි සාමාජිකයෙක් වෙන්න...



අපි ඉලංදාරියාට අස්සවමු... 
 
මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සහෘදයා අඩවියේ 29-01-2011 දින පල කල ලිපියයි මේ.

සිංහල බ්ලොග් අවකාශය හා නව උප සංස්කෘතිය

සිංහල බ්ලොග් අවකාශය යනු තවත් එක් සයිබර් නාඩගමක් නොවේය. ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් වලින් එහාට ගිය අපූර්ව සුන්දර ස්ථානයකි. එය ලිපි, නිර්මාණ, ගද්‍ය පද්‍ය හා විද්‍යා තාක්ෂණ පබැදුම් නම් බීජ වගුරුවා මිනිස්කම අවංක කම ලබැදිකම මිතුරු කම ඵලදාවන් ලෙස නෙලා ගන්නා වූ සාරවත් ගෙවත්තකි. එම ඵලදාවන් සාරවත් ඵලදාවන් බවට පත් කරගැනීමට ගූගල් බස් නම් කාබනික පොහොර හේතුකාරකයක් වෙමින් පවතී. උපන් දා සිට මුහුනට මුහුණ ඇසුරු කරන්නා වූ මිතුරන්ට නෑදෑයන්ට වඩා සීමාවන් පසු කරන්නාවූ ලෙංගතු කම් ඇති කරන්නාවූ ස්ථානයකි. අපට නොදැනුවත්වම සිංහල බ්ලොග් අවකාශය උප සංස්කෘතියක් බවට පත්ව ඇති සැටියකි. අපට නොදැනුවත්වම එකම පවුලක් වී ඇති සැටියකි. අපට නොදැනුවත්වම අප එක වහලක් යට ජීවත් වන සැටියකි. ශ්‍රී ලංකාවේ සතර කොනේ සිටියත් ලෝකයේ කොයි රටේ සිටියත් බ්ලොග් වාසී, සයිබර් වාසී වර්චුවල් පවුලේ අයෙකුගේ කිවිසුම පවා අන් අයට දැනෙන හැගෙන තරමට අප ලබැදියන් වී සිටිමු.

එපමනක් නොව සාමාන්‍ය සමාජයේ අපිට ඇසුරුකරන්න කතාබහ කරන්න ලැබෙන්නේ සම වයස් , සම වෘත්තීකයන්, සම සමාජ ස්තරයන්, සම ආර්ථික සහිත සියළු කරුණු කාරණාවන් වලින් අපට සමාන වන පුද්ගලයන්ය. වෛද්‍යවරයකු ආශ්‍රය කරන්නේ වෛද්‍ය ක්ෙෂ්ත්‍රයට සම්බන්ධ පුද්ගලයන්ය. ඉංජිනේරුවකු ආශ්‍රය කරන්නේ ඉංජිනේරු අංශයට අදාල පුද්ගලයන්ය. බස් කොන්දස්තර කෙනෙකුට ආශ්‍රය කරන්න ලැෙබන්නේ ඒ ආශ්‍රිත පුද්ගලයන්ය. වෛද්‍ය වරයකු සමග හරි හරියට කදේ දමන්නට බස් කොන්දස්තර කෙනෙකුට තියෙන අවස්ථාවන් ඉතාමත් අල්පය. ඒ සදහා අවස්ථාවක් නැතයි කිවහොත් වඩාත් උචිත යැයි මට සිතේ. එනිසා අප සාමාන්‍ය සමාජ ආශ්‍ර ක්‍රමය ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමයක් යැයි නම් කළ හැකිය.

මෙම ඒක කේන්ද්‍රීය සමාජ ක්‍රමය නිසා හුවමාරු වන අදහස් උදහස්, දැනුම ආකල්ප, ජීවන අත්දැකීම් මෙන්ම විහිළු තහළු එම එක් එක් ස්තරයන් හී පාවෙන තත්වයක් පවතී. එක් ස්තරයක දේවල් තවත් ස්තරයක් සමග මුහුවීමට අවස්ථාවක් නැතිය. ඒ හේතුවෙන් පහල ස්තරවල සිටින්නන්ට ඉහල ස්තරයන් වල සිටින්නන් ගේ සිතුම් පැතුම් හදුන්නනේ නැතිය. ඉහල ස්තරවල සිටින්නන්ට පහල ස්තරවල සිටින්නනගේ හෘද ස්පන්දනය ගැන වැටහීමක් නැතිය. මෙවැනි දේවල් හා දුර්අවබෝධයන් හේතුවෙන් ගැටුම් කාරී තත්වයන්ද ඇතිවන අවස්ථාද අප අසා හදුනා හා අත් දැක ඇත්තෙමු.

නමුත් සයිබර් අවකාශය ඔස්සේ, බ්ලොග් ගොඩැල්ල ඔස්සේ, ගූගල් බස් ඔස්සේ එම ඒක කේන්ද්‍රීය සමාජ සංස්කෘතියට තිතක් තබමින් සියළු සමාජ ස්තරයන් එකම පංතියකට එකම ස්තරයට කැන්දමින් තිබේ. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, පරිගනක වේදීන්, බැංකු ලිපිකරුවන් හා විධායක ෙශ්‍රණි වල පමනක් නොව පාසල් යන සිසුන්, රැකියාවක් නොකර ගෙදරට වෙලා සිටින්නන්, ගෘහනියන් ආදී එකී මෙකී නොකී සියළු ස්තරයන් එකම බස් එකේ කදේ දාගෙන දවස පුරා දැනුම, විනෝදය, හාස්යය, පාළුව, කාන්සිය බෙදාහදා ගනිමින් සිටී. සමාන්‍ය සාමාජයේ දී සර්, මහත්තයා, නෝනා ලෙසින් අමතන්න වූවන් අපි අද මචං, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ ලෙසින් ආමන්ත්‍රනය කරගමු.

ඉදින් මෙම ලෙංගතු කම් හරහා අපට ඒ ඒ සමාජ ස්තරයන් ගැන පැවතියාවූ දුර් අවබෝධනයන් ලිහා ගත හැකිවනු ඇත. අප නොදන්නා දේවල් අසා දැන ගත හැකිය. කිසියම් වැඩකට අත ගැසීමට ප්‍රථම ඒ ගැන පළපුරුද්දක් ඇත්තෙකුගෙන් අසා දැන ගත හැකිය. නොමිලේම සාරවත් උපදේශනයන් ලබා ගත හැකිය. මෙහිදී ඉරිසියාකම්, කුහකකම් හා මාන්නයන්ට පැවැත්මක් නැති හෙයින් අපට අපගේ ගැටළු වලට නිවැරදිම විනිශ්චයන් ලබාගත හැකි වනු ඇතිය.

ඉතින් මෙම සයිබර් සංගමය බ්ලොග් අවකාශය ගූගල් බස් රථය මෙන් ස්ථානයන් වලින් දැන හැදින ගත් අප ඔබ මෙම සමාජ ක්‍රමය නවමු මාවතකට ගෙන යමින් සිටිනෙමු. මිත්‍රත්වකම්, හිතහොදකම්, අසමානාත්මකම්, සමානාත්මතාවයෙන් බෙදාහදාගත් ඔබ අප දැන් එකම පවුලකි. ඉතින් අප පවුලේ කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, දුකක් සිදුවී උදවුවක් උපකාරයක් අවැසි මොහොතක් උදා වුවොත් අපි කුමක් කරමුද? අපි ඔහුව ඇයව අමතක කරමුද? ඒ අවංක කම ලැබැදි මිතු දම සයිබර් අවකාශයේ අදුරු මුල්ලකට තල්ලු කර සගවා තබමුද?

මා ප්‍රිය සහෘදය, ඔබ මා සමග ලෙංගතුකම බෙදා හදාගත් එවැනි සහෘදයකුට අපගේ උදවු අවැසි මොහොතක් උදා වී තිබේ. සයිබර් යායෙන් ගොඩනගාගත් ඒ මිතු දම අවංක කම මනුෂ්‍යයත්වය වෙනුවෙන් ඔබේ උපකාරයේ හස්තය අපි අපේ ලබැදි සහෘදයා වෙනුවෙන් දික් කරමු.

බ්ලොග් ගොඩැල්ලේ ඉලංදාරියා හා ඒකාත්මික වූ ඔබ ඔබේ මිහිරි වදන් ඔහුගේ සවන් මත්තේ තබන්න, ඔබත් ඔබේ හැකි උපරිමය ඉටුකරන්නට පෙළ ගැසෙන්න.

සෝදුපත් කියැවීම
ගයාත්‍රී චතුරාණී

වැඩි විස්තර
ඉලංදාරියා
දුකා


ඔබ දෝහා කටාර් හී බ්ලොග් ලියන කියවන අයෙක් නම් ද ඉලංදාරියාගේ නිහඩ ලොව බිදින්න ව්‍යාපෘතියට සම්බන්ධ වන්න කැමතිනම්ද කථා කරන්න. අපි එකතුව දෝහා කටාර්වලින් ඉලංදාරියා වෙනුවෙන් කරන්න හැකි යමක් ගැන සාකච්චා කරමු.
මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

Hands for Dilum

Post Regarding PayPal account which Narada Binku made

Click hear to go to the link

Dilum Dissanayake (aka Ilandariya), a Sinhala blogger, is suffering from profound sensory neural hearing loss for a period of one and half years.

This hearing loss cannot be improved with medical treatment, according to his doctor, Dr. D. S.C. (Shantha) Perera, MBBS, MS, DLO, FRCS, Consultant ENT & Head and Neck Surgeon, National Hospital of Sri Lanka Colombo. I do not want to repeat the other details given in the following two posts by Dukaa and the blogger himself. I am told the solution, surgical treatment with Cochlear implant will cost about Rs. 3 million.


This is
a campaign to collect donations from online donors. To donate directly to Dilum's bank account, here are account details:

Name: D.M.D.T.B. Dissanayake
Account Number: 71408612 (Bank of Ceylon, Matale.)


IMPORTANT!: The PayPal account used to collect donations is Narada Thomas' (aka Binku). The reason for this is PayPal don't allow receiving payments for Sri Lankan accounts. And as Binku is a resident of Canada, he is able to collect donations using his PayPal account and he'll transfer collected donations to Dilum Disanayaka's bank account.


Willing to remain anonymous? If you need to remain anonymous after making a donation, please mail your name on credit card requesting to hide your name from donors' list to narada AT love DOT com

Related Links:

සුන්දර සයිබරයේ සිහින සැණකෙලියට පිනෙන් පිරුණු අරමුණක්.......

සයිබර් සැණකෙළිය අඩවියේ 30-01-2011 දින පල කල ලිපියයි මේ.

සුන්දර සයිබරයේ සිහින සැණකෙලියට පිනෙන් පිරුණු අරමුණක්.......

දවස 2011 අප්‍රේල් තුන් වෙනිදා.... තිඹිරිගස්යායේ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයට අපි කවුරුත් එකතු වෙන්නෙ විනෝද වෙන්න.... දැනටමත් එහි සියල්ල සූදානම්.... ඔබ වෙනුවෙන් වූ තරඟ, තෑගි, දිවා ආහාර, ඩීජේ සංගීතය ආදී මෙකී නොකී ගොඩාක් දේවල් සියල්ල ඔබ වෙනුවෙන් සූදානම් වෙමින් සිටින්නේ... එදාට එන්න... අපි විනෝද වෙමු ගොඩාක්....

ඒත් අපි විනෝද වෙද්දි අපේ එකෙක්... ඔව් අපේ එකෙක් තමයි.... අපි වගේම බ්ලොග් එකක් ලියාගෙන මූණු පොතෙන් හඳුනාගෙන තවත් එක් සුන්දර සයිබර් මිතුරෙක් වෙච්ච අපේ ඉලංදාරි කොල්ලා, දෛවය හරස් වෙච්ච ඔහුගේ ජීවිතය ජය ගන්න සටන් කරන්න පටන් අරන්... එහෙව් ඌ තනිකරලා අපිට විනෝද වෙන්න පුළුවන්ද? ඔබට පුළුවන්ද? අපි හිතන්නෙ බෑ.... මිනිස්කමේ සුවඳින් පිරිච්ච ශ්‍රී ලාංකික අපේ හදවත් ඉලංදාරියා අමතක කරලා විනෝද වෙන්න අපිට ඉඩ දෙන්නෙ නෑ කියලා අපි දන්නවා.....


ඉතින් මේ සයිබර් උළෙළ ඉලංදාරියා සනීප කරන ව්‍යාපෘතියක් බවට පත් කරන්න අපි තීරණය කලා... සයිබර් උළෙලට අවශ්‍ය සියළු වියදම් අපි දැනට හොයාගෙන අවසන්.... ඒ නිසා මේ අවස්ථාවෙන් එහාට ලැබෙන හැම සතයක්ම අපි ඔහු වෙනුවෙන් ලබා දෙන්න සූදානම්.... අද පටන් මේ සයිබරයේ සිහින උළෙල දැවැන්ත ව්‍යාපෘතියක්.... බ්ලොග් ලියන කියවන අපි ඔයාලගේ හිතේ හයියට අරුතක් එකතු කරන පින්වත් මංගල්‍යයක්.... අපේ ධෛර්යය සතුටු කඳුළු කරන්නට අපි එක් සිතින් පියවර තබමු...... වැඩේ වෙන්නෙ මෙහෙමයි....

පළවෙනි සහ මූලික පියවර ලෙස අපි දකින්නේ අපි විසින්ම ඔහු වෙනුවෙන් පෞද්ගලිකවම කරන්නට අදහස් කරන පරිත්‍යාග.... අප්‍රේල් තුන්වෙනිදාට හෙන්රි පේද්‍රිස් පිට්ටනියේ තිබෙන ආධාර පෙට්ටියට ඔබට කැමති ඕනෑම ගනනක් දාන්න පුළුවන්.... ඔබ ඒ වෙනුවෙන් ලබා දෙන රුපියලෙන් වුවත් ගොඩ නැගෙන ජීවිතය ඔබේ ඇසට සතුටු කඳුලු ගෙනේවි....

දෙවෙනි පියවර... ඔබ වැඩ කරන ආයතනය... එහෙම නැත්නම් ඔබේ හැඳුනුම්කම් තියෙන ආයතන ඔබ හඳුනන පින්වතුන්, දාන්පතීන් මේ සියල්ල මේ සුපින්වත් අරමුණ වෙනුවෙන් ගොනුකිරීමයි.... මේ සඳහා අවශ්‍ය ලියකියවිලි පහත දැක්වෙන දුරකථන වලින් ඔබට ගෙන්නා ගන්න හැකි වේවි.... සයිබර් උළෙල සඳහා දැනටමත් අපි රුපියල් 5000.00ක බැනර් අළෙවි කරන්න අපි තීරණ කරලා තියෙනවා.... අපිට හැකි තරම් බැනර් එකතු කරන්න අපි හිතාගමු....

තුන්වෙනි පියවර... ඉහත වැඩ සටහන් දෙකට අමතරව ඔබට දිය හැකි උපකාර තමයි මේ ගනයට වැටෙන්නේ.... ඒ උපකාරයන් පහත කමෙන්ට් හරහා වැටෙයි කියලා තමයි අපි හිතන් ඉන්නේ.....

එන්න එකතු වෙන්න... අපේ විනෝදය අර්ථවත් කරන්න... අද ඔහුට වුන දේ හෙට අපිට වෙන්න පුළුවන්... ඒ සැම දෙයක් වෙනුවෙන් වූ සයිබර් සහෝදරත්වය වෙනුවෙන් අත්වැල් බැද ගන්න දුවලා එන්න.... මේ බ්ලොග් පෝස්ට් එක නිමා කරන්නේ අපූරු පද පෙලකින්..... ඒක අපිට ලියලා එව්වේ රචින්ත ජයවර්ධන සොහොයුරා.... චිත්‍රෙ ඇන්දේ බුද්ධි ප්‍රසාද් සොහොයුරා..

තෙවැනි දිනට යෙදෙනා බක් මහේ සරූ
සයිබර් හිතවතුන් හා එක්වෙති මිතුරූ
බස් බ්ලොග් තුලින් පමණක් නොව එන කවුරූ
ට්විටර් වත්පොත් ද පිලිගමු සිතින් සරූ

බ්ලොග් ලුහුබැඳ කමෙන්ට් දමා කර වාද
සංවාදෙන් කවුරුන් හෝ දිනුවාද?
මරු කොර එළ සිරා අදහස් වැටුනාද?
බ්ලොග් හිතවතුන් එදිනට හමුවෙමු නේද?

මූණුපොතේ සරි කවිකම් පාමින්නා
විඳීම් ලොවේ මිතුරන් එදිනට එන්නා
අන්තර්ජාලෙ සාජ්ජේ ට්‍රෙන්ඩ් කරමින්නා
ට්වීට් කරන්නොත් එදිනට සෙට්වෙන්නා

Buzz පවුලක්ය සිත් සරියට සරිවේයා
මරණේ, දිල්, තිසා අයියත් සිහිවූයා
Google සිටම උන් හට හෙළ වදන් වියා
Buzz සෙට් එකත් තුන්වෙනිදා එක්වේයා

කර්ම ඵල සමග මිනිසුන් හට කවර
නොයෙකුත් විපත් එයි මේ රුදු දිවි කතර
එදිනට විත් හැකි උපරිම දෙයක් කර
හිතවත් "ඉලං" හට සවියක් වෙමු මිතුර....

අපව අමතන්න...
0714449162 අභීත
0718689555 නිශාන්ත
0773652592 අසංක


ඉලංදාරියා කොල්ලෝ..... අපි උඹව ගොඩ දානවා කොහොම හරි.....

ප.ලි. හෙට (2011.01.31) බ්ලොග්වල ඉලංදාරියාගේ දිනය බවට තීරණය කරමු.... බ්ලොග් ලියන අපි හැමෝම ඔහු වෙනුවෙන් හෙට අපේ බ්ලොග් වල පෝස්ට් එකක් දාමු....

මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.

දුකා අඩවියේ 27-01-2011 දින පල කල ලිපියයි මේ.

අපි හැම දෙනාම එක්වෙමු - ඉලන්දාරියාට උදව්වෙමු.



සති අන්තේ හවස් වරුවක රුවන්, ලක්මාල් චමිල් එක්ක අඩියක් ගහන්න සෙට් වුනා.

රුවන්: “මාර ගං වතුරක්ලු නේද මේ අවුරුද්ද මුලදීම ලංකාවේ”

මම: ඔව් නේ බන්. අවුරුද්ද මුල නම් අපිටත් අබුඩබි හිටියත් සුනාමි වගේ තමයි.

චමිල්: ඒ මොකෝ:

මම: ඇයි බන් ගෙවල් බදු ඔප්පු අලුත් කරන්න, වාහන රෙජිස්ටර් කරන්න, ළමයි ඉස්කෝලේ දාන්න, ගෙවල් වල අයටත් එක එක දේවල් වලට සල්ලි යවන්න ඉතිං සුනාමි වගේ තමයි.

රුවන්: අපි මොනා හරි කරමු නේද?

මම: හදන්න කලින් දෙතුන්පාර විවෘත කරපු වරායේ උත්සව වලට මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, රට රටවල යනකොට හැත්ත බුරුත්ත ඔක්කෝම අරන් ගිහින් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන, ඇමතිලට මන්ත්‍රීලට ප්‍රාඩෝ පැජරෝ ගන්න මහජන මුදල් වියදම් කරන ආන්ඩුව ගං වතුරෙන් අසරණ වුනු මිනිස්සුන්ට මොනව කරයිද කියලා මිනිස්සුන්ට දැන් තේරෙයි නේද බන්. ඒත් ඉතිං එහෙම කියලා අපිට මොකුත් ම නොකර ඉන්නත් බෑ නේ.

ලක්මාල්: මම සති දෙකකින් නිවාඩු යනවා. අපි ගං වතුරෙන් අනාථ වුනු අයට මොනා හරි යවමු. මම පෙට්ටියක් දාන්නම්. වර්ණ අයියත් එක්ක ගිහින් ඒවා බෙදලා දෙන්න ඇරේන්ජ් කර ගන්නත් මට පුලුවන්.

. . . .

දරු පවුල් පවුල් කාරයිනට සුනාමි වගේ කාලයක් කියලා දන්න නිසා වැඩි දෙනෙක්ට කරදර නොකර ඉන්න හිතුවා. මනෝජ්, ජනක, දමිත්, ලලන්ත මල්ලිලට විතරක් කිව්වා. මනෝජ් මල්ලී සනුර, සමීර, ඩිලංක මල්ලිලටත් කියලා කට්ටිය ජනකටයි මටයිම පැවරුවා යවන්න ඕන දේවල් ගන්න වැඩේ.

අද ලක්මාල් පෙට්ටිය දාන නිසා ඊයේ අබුඩාබි මෝල් ගිහින් බ්ලැන්කට්, තුවා, ගෑනු පිරිමි යට ඇඳුම්, උඩ ඇඳුම්, කාන්තා සනීපාරක්ශක තුවා, පොඩි ළමයින්ට ඇඳුම් අරගෙන එන ගමන් තිසාට කෝල් කලා.

“මචං දුකා අර ඉලන්දාරියා බ්ලොග් එක ලියන මල්ලී පෝස්ට් එකක් දාලා තියෙනවා ගෙදර ගිහින් හෙමීට කියවපන්”

ගෙදරට ගොඩ උනු ගමන් නදීෂා කිව්වෙත් “අනේ අර ඉලන්දාරියා බ්ලොග් එකේ පෝස්ට් එකක් දාලා තියෙනවා. අපිත් උදව් කරමු ඒ ළමයට” කියලායි.

ඇඳුම් මාරු නොකරම පෝස්ට් එක කියෙව්වා.

මේ තියෙන්නේ ඒ පෝස්ට් එක

ඒ මල්ලිගේ ෆේස් බුක් එකවුන්ට් එක බැලුවා. කොල්ලා සිල්වෙස්ටර් ගිය එකෙක්.

නදීෂාගේ මල්ලී හෂිත තව උන් ටිකක් එක්ක සෙට් වෙලා ලඟදී මෙහේ U.A.E. ඉන්න සිල්වෙස්ටර් කොල්ලෝ එකතු කරලා ගෙට්ටුවක් තිබ්බ බව මතක් උනා.

ඌටයි මම දන්න අනෙක් සිල්වෙසටර් කොල්ලො ටිකට (මනෝජ්, ජනක, රොෂාන්, චරිත්ල දෙන්නා) ඉලන්දාරියා බ්ලොග් එකේ ලින්ක් එකයි දිලුම් මල්ලිගේ ෆේස්බුක් එකේ ලින්ක් එකයි යවලා කෝල් කලා හෂිතට.

“මල්ලී මම දැන් උඹට මෙසේජ් එකක් එව්වා උඹලගේ ඉස්කොලේ කොල්ලෙක්ට උදව්වක් ඕන වෙලා”

“හරි මොනවද කෙරෙන්න ඕන”

“ඒ දෙක කියවලා බලලා හිටපන්. අපි පස්සේ කතා කරමු මොකද්ද කරන්න පුලුවන් කියලා”

. . . . . . .

උදේම දුමියත් කෝල් කරලා කිව්වා මචං අපි සෙට් වෙලා මේ වැඩේ කරමු කියලා.

ඔෆිස් ආව ගමන් ජනක මල්ල්යි මමයි කතා වුනා මොකද කරන්නේ කියලා.

"ලක්ෂ 30ක් කියන්නේ එකෙක් 5,000ක් දැම්මොත් 600ක්"

"හැම දෙනාටම 5,000 ගානේ දාන්න පුලුවන් වෙයිද අයියා. අනික 600 දෙනෙක් හොයන එක"

"තිසාත් ගානක් යවනවා කිව්වා. මමත් ගානක් යවනව. දුමියා, පුතා, ඩීන්

"එහෙම නෙමෙයි අයියේ. එක එක්කෙනා ඒ ළමයගේ එකවුන්ට් එකට ගානක් දාන එකට වැඩිය යමක් කරන්න හිතමු"

"ඇත්ත තමයි. අපි පත්තරේ ලිපියක් දැකලා ඔපරේෂන් එකකට සල්ලි යවන සීන් එකකට වැඩි දෙයක් මෙතනෙ තියෙනවනේ.”

“ඒක හරි”

“එහෙම පත්තරේක ලිපියක් දැක්කාම අපිට දැනෙනවා අපි ඒ වෙනුවෙන් යමක් කල යුතුයි කියලා. සමහර වෙලාවට අපිට ෂුවර් නෑ ඒ ළමයා ඔය කියන ඔපරේෂන් එකෙන් පස්සේ ජීවත් වෙයිද කියලා. ඒත් අපි ගානක් එකතු කරල යවලා අපේ යුතුකම අපි කලා කියලා හිත හදා ගන්නවා”

“මේ සීන් එකේදි ඊට වඩා දෙයක් කරන ඕන අයියේ”

“ඔව් අපි මේ ලමයව බ්ලොග් එක හරහා පුද්ගලිකව දන්නවා. එයා දක්ෂ දරුවෙක් කියලා දන්නවා. මේ ලක්ෂ තිහේ උපකරණේ ෆික්ස් කලාම ඒ ළමයට සනීප වෙනවා කියලා හොඳටම දන්නවා. ඔව් ජනක මල්ලී ඒක නිසා මේ සීන් එකට අපි, අපිට හැකි අකාරයට වඩා යමක් කරන්න ඕන”

“අන්න හරි අපි මේ දිලුම් ගේ එකවුන්ට් එකට රුපියල් 500ක් දාහක් දාලා ඔන්න අපේ යුතුකම අපි ඉටුකලා කියලා මඟහරින්නේ නැතුව දිලුම්ව සම්පූර්ණයෙන් සනීප කර ගන්න කම් සංවිධානය වෙලා ඒක කරමු”

“ඔව් එකතු වුනොත්, සංවිධානය වුනොත් මේක ඇත්තෙන්ම පහසු වැඩක් වෙයි. කරන්න පුලුවන් තරමට වඩා කරන්න උත්සාහ කරමු කිව්වහම මතක් උනේ ඉස්සර දහම් පාසල් අරමුදලට අපි ගෙදරින් රුපියල් 10ක් ගෙනිහින් දීලා නිකම් ඉන්නේ නෑ නේ. කොටු පුරවලා, කොඩි දිනයක් තියලා කැටවලට සල්ලි එකතු කරනවනේ”

“දැන් ඔයාලගේ බ්ලොග් ලියන කියවන ඩුබායි අබුඩාබි ඉන්න කට්ටිය ඉන්නවා. වෙන රටවල් වල අය ඉන්නවා. අපේ සිල්වෙස්ටර් එකේ මෙහේ ඉන්න අයට කියන්න පුලුවන්, යූ කේ සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා. ඔස්ට්‍රේලියා වල සිල්වෙස්ටර් සෙට් එකක් ඉන්නවා.”

“තව ලංකාවේ බ්ලොග් ලියන සෙට් එක ඉන්නවා. ගූගල් බස් සංගමේ කට්ටිය ඉනන්වා. දිලුම්ගේ පවුලේ අය ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, එයාහේ ලඟම හිතවතුන් ඉන්නවා. ඊට අමතරව ජනාධිපති අරමුදලෙනුත් ගානක් දෙනවා මම හිතන්නේ”

“මේ ඔක්කෝම එකතු වුනොත් ඔය වැඩේ හරිම සුලු දෙයක් වෙයි අයියේ. අපිට බැරි වෙයිද දිලුම්ට අධාර පිනිස කියලා මෙහේ සංගීත සැඳෑවක් තියලා ෆුන්ඩ්‍රයිස් කරන්න”

“ඇත්ත තමයි අපි කීය කීය හරි දාන එකට වැඩිය අපි හමෝම එකතු වෙලා කලොත් සෑහෙන ගානක් එකතු කර ගන්න පුලුවන් වෙයි”

“බ්ලොග් ලියන කියවන අය ඔක්කෝටම ගොඩක් කනෙක්ෂන් තියෙන අයගේ. අපිට පුලුවන් වෙයි සල්ලි වලට නැතුව මානුශිකත්වය සලකලා ගීත ගයන ගායක ගායිකාවෝ ටිකක් සෙට් කර ගන්න”

“ඔව් දුමියලගේ බෑන්ඩ් එකට පුලුවන් සංගීතය සපයන්න. අනික දුමියගේ ගම හාමිනේ සංගීත විශාරදනේ එයාටත් කනෙක්ෂන් තියෙනව මම හිතන්නේ”

“ලංකාවේ බ්ලොග් ලියන අයටත් පුලුවන් නේද ඒ වගේ දෙයක් ඕගනයිස් කරන්න”

“ඔව් මරේ, වැප්, මාරයා, රචියා, සුදාරක, ඇන්ෂු, චමිල, මලිය, හරේෂ්, සඳුන්, ලසිතය, ලිෂාන්, හසිත් ප්‍රසංග, සචී, හෂිත, ඩෝසා, නීනු, ඩීප්ස්, කනියා, පහන්, කාලිංග, තිලිණ, ඉන්දරේ, බනියා, යෝගියා, රවා, හරී, රන්දිකා, තනෝජා, නලින්, ජනිතා, අභියා, බුද්ධි, දිල්ශාරා, අනුරාධ, පසන්, මාරයා, රේවන්, විෂ්මි, වත්සලා, පබලු , පිනි පලස, කලිකාල, පූසෝ සෙට් එක, හසී පවුල, තරිඳු, බුධාජීව, රත්ගමයා, තමිර, වත්සලා, නුවන්, සඳරු, වගේ අයට එහෙම පුලුවන් වෙයි ඕගනයිසින් වැඩ බාර ගෙන බෙදල දෙන්න”

“තවපැතුම්ට එහෙම පුලුවන් එයා ලියන පත්තරෙන් එහෙමත් හෙල්ප් එකක් අරන් දෙන්න. රංග, ප්‍රදීප් කොටුවේගෙදර, කොට ජීවිතේ, පාසල් චාමි, එහෙනම්ත් එයාලගේ ෆුල් සපෝර්ට් එක දෙයි”

“බස් ග්‍රූප් එකකුත් ඉනන්ව නේද අයියේ”

“ඔව් එයාලත් බ්ලොග් ලියන අයම තමයි. කුෂාන්, ෆා, ජේඩී, සෝරෝ, නිෂ්, සිරකරුවා, හා පැටික්කි, සෝඩා ගුණේ, සුදු හංසි, චානිකා ඉන්දීවරි, එතනත් ඉනන්ව හෙන සෙට් එකක්”

“බයිස්කෝප් සෙට් එක"

“අහ් ඔව් ඉසිර, වාසල, සරදියෙල්, රොයිලි තව ඉන්නව කට්ටිය”

“පිට රටවල් වල ඉන්න අය කවුද”

“කතන්දර, අරුණි, රංගි, චානක, පොඩි කුමාරිහාමි, චේජනා, දිනේෂ්, ගීත්, කමලිකා, ඉංදික, වැම්පයර්, හෙලයා, ඉශාර, ඇන්ත්‍රැක්ස්, පාලිත, බන්දුල රුවන්පුර, ඔබ්සර්වර්, සුලා, රොකියා, තිසා, දුමී, මම, ඩීන්, සුදම්, ඉසිඹුව, පුතා ඔක්කෝගෙම නම් මතක් වෙන්නෙත් නෑ අප්පා”

"තව රාමචන්ද්‍ර, ශාන්, බියෝන්ඩ් ෆ්‍රේම්, ටැබූ, බූන්දි, තිසර, වගේ අයටත් කියන්න පුලුවන් උදව් කරන්න කියලා “

"ඔය තියෙන්නෙ . . මේ ඔක්කෝම අය සෙට් වුනොත් අනිවාර්‍යෙන් මේ වැඩේ පහසුවෙන් කරන්න පුල්වුන් අයියේ.

කොහොමද කරන්නේ.
1. ඉලන්දාරියා (දිලුම්) ව නිතර ටච් එකේ තියා ගන්න ඕන.

2. සංන්විධාන කටයුතු සඳහා මට මඟ හැරුනු ඔබට මතක අයගේ නම් සඳහන් කරන්න.

3. සංන්විධාන කටයුතු සඳහා ග්‍රූප්ස් කීපයක් සෑදිය යුතුය.

4. එක එක ග්‍රූප් එකෙ අය කතා වෙමු අපි මොන වගේ දෙයක් ද ෆන්ඩ්‍රයිස් කරන්න කරන්නේ කියලා.

5. සංගීත සැඳෑවක් වගේ කරනවනම් අධාර පිනිස ගීත ගයන්න වාදනය කරන්න කමති දන්න කියන අය ගන අනිත් අය දනුවත් කරන්න.

6. මෙතනින් බලන්න පුලුවන් දිලුම් මල්ලිට සවි කල යුතු උපකරණයේ විස්තර. මෙඩිකල් ෆීල්ඩ් එකේ දැනීම තියෙන අය මේ උපකරණයට අදේෂක හොයලා අප දැනුවත් කරන්න. මාර්කටින් ගැන අත්දැකීම් තියෙන අය මෙය මිලදී ගැනීම සඳහා මිල ගනන් ගැන සොයා බලන්න.

7. මෙයට අමතරව මේ වැඩේ සාර්ථකව ඉටුකර ගනීම වෙනුවෙන් කල හැකියි කියා ඔබට සිතෙන දේවල් ලියන්න.

අපි සියලු දෙනා එකතු වී මේ දක්ෂ දරුවාට ඔහුගේ නැති වූ ශ්‍රවණ ශක්තිය ලබා දෙමු.
මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

෴ සහෘද සිතක ඇමතුම ෴

සොඳුරු සිත අඩවියේ 26-01-2011 දින පල කල ලිපියයි මේ.

෴ සහෘද සිතක ඇමතුම ෴

මගේ සිත දුක , සතුට බෙදා ගත්ත මගේ බ්ලොග් පිටුව මා සහෘදයෙක් වෙනුවෙන් ඇරෙන පලවෙනි වතාව.. කිසි දිනක දැක නැති.. කතා කර නැති ..නමුත් ... අනේ මන්ද මට තේරෙන්නෙ නැහැ කියන්න... 
උපුටා ගැනීම ...................

මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න

~~නිහඩ ලොව බිදින්න~~

දිලුම් (ඉලන්දාරියා) ඔහුගේ අඩවියේ 26-01-2011 දින පල කල ලිපියයි මේ.

~~නිහඩ ලොව බිදින්න~~

Wednesday, January 26, 2011

මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදර නිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක් තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුට උදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේම මට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහන තබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටම කාලයේ අදෘශ්යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනි සංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේ ඉදිරියට ගෙවාදමමින් සිටියා. අතර තුරදී මට ලංකාවෙ ප්රසිද්ද රෑපවාහීනි වැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා...

මම ඉතාමත් ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ් පිලිබදව ඉගෙන ගත්තා. රුපවාහිනි අධ්යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා .. වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා. නමුත් තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලි නාට්යයක පමණයි..

මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය, ඒත් සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේ ජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේ ඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.

හිටි හැටියෙම මගේ එක කනක ශ්රවනය දුර්වල උනා. එක්කම ටික දවසකින් එය සම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත්තා. පළමු කනේ ශ්රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අද දක්වාම වෛද් ප්රතිකාර සදහා යොමු උනා.

නමුත් අවාසනාවට මගේ කන් දෙකේම ශ්රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේ වෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක් ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේ ඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා).

මෙ සියල්ල සිදුවී දෑන් වසර එකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මම ජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක් වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.

මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මට පෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනය ගොඩනෑගිමට මහත්වු ප්රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලය පුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරු කලේ කොල කෑලිවල ලියමින්. වෛද් වරුන්ගේ මතය වී ඈත්තේ තවත් අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.

ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්රධාන විශේෂඥ වෛද් ශාන්ත පෙරේරා යටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන් මාහට ශ්රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද් නිගමනයයි. ඒසදහා අවශ් කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වු රුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත් දෑරිය නොහෑකි මුදලක්...

මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවු කිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක් බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ඉලන්දාරියාබ්ලොග් අඩවිය සමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක් බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී.

මා මෙවැනි සටහනක් තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේ නොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක් හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කර ගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා. වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේක වාරයක් ස්තූති. වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදු ශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.

ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තු වන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත් වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා සම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
ස්තුතියි!.
විමසිම්
0772332071 
0718050116
facebook :

D.M.D.T.B. දිසානායක
බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ )

මූලික ලිපිය සඳහා මේ යොමුවෙන් යන්න