Sunday, January 30, 2011

දිලුම් වෙනුවෙන් අපි - විනිවිදභාවයෙන් යුතුව .. !!!



ඉලංදාරියා නමින් බ්ලොග් එකක් ලියන අපගේ දිලුම් දිසානායක සහෝදරය ලඟදී ලිපියක් පලකර තිබුනා ඔහුගේ බ්ලොග් අඩවියේ.

ඒ ලිපිය කියවූ වහාම සිංහල බ්ලොග් අවකාශයේ අපි හැම දෙනාම ඉක්මනින් ක්‍රියාකාරී වුනා ඔහුගේ රෝගී තත්වයෙන් මිදෙන්න ඔහුට උදව් කරන්න.

කෙසේ හෝ ඔහු සුව වී යථා තත්වයට එන තුරු ඔහු හා රැඳී සිටින්න අපි සියලු දෙනා තීරණය කර හමාරයි.
අපි සියළු දෙනාගේ ඒ ඉදිරිපත් වීම ඔහුගේ ගිනුමට මුදලක් බැර කර යුතුකමක් ඉටුකලෙමියු කියා හර්ද්‍යසාක්ෂියට ගතු කීමෙන් එහා ගිය දෙයක්.

දිලුම්ගේ දෙමාපියන් සහ ඔහුගේ අසල්වැසි අසංක සොයුරා හා අපි කල සාකච්චාවෙන් පවා වැටහී ගිය දෙයක් නම් මුදල් ලබා දීමෙන් එහාට ගිය යමක් අපි ඔහු වෙනුවෙන් කලයුතුයි කියන එකයි.

ඒ හේතුවෙන් ඔහු වෙනුවෙන් අපි සියළු දෙනා කිරීමට බලාපොරොත්තු වෙන කාර්‍යන්, අප විසින් එකතු කරනු ලබන මුදල් කලමණාකරනය, මුදල් එකතු කිරීම සඳහා කරනු ලබන කටයුතු සංවිධානය කිරීම ආදී සියලුම දේ විනිවිදභාවයකින් යුක්තව කිරීමේ අරමුණින් මේ බ්ලොග් අඩ්විය නිර්මාණය කරන ලදි.

යලිත් වරක් කිව යුතුයි, දිලුම් වෙනුවෙන් ඔහුට උපකාර කරන්න ඉදිරිපත් වෙන සියලු දෙනාට ඔවුන් කල ඇප උපකාර විනිවිදභාවයකින් යුතුව විස්වාසනීය භාවයකින් යුතුව දැන ගැනීම දිලුම් සුවපත් කර ගැනීමේ කාරිය නිමා වෙන තුරු සියලු යාවත්කාලීනයන් දැනුම් දීම වෙනුවෙන් මේ අඩවිය නිර්මාණය වූ වග යලි යලිත් ඔබට දැනුම් දිය යුතුයි.

මේ අඩවියේ මූලික පියවර ලෙසට දිලුම්ගේ ඉලංදාරියා අඩවියේ ලිපිය මෙහි පල කරනු ලබන අතර පසුව ඔහු වෙන්වෙන් සිංහල බ්ලොග් සහෘදයන් පල කල ලිපි ඒ අඩවි වලට පිවිසීමේ යොමුව සමඟ පල කරන්න අප බලාපොරොත්තු වන බවත් කිව යුතුයි.

පසුව සියලු සංවිධාන කටයුතු වල විස්තර, සංවිදායක වරුන්ගේ නම් දුරකතන අංක අදී විස්තරද, ගිනුමේ යාවත්කාලීන තත්වයද වශයෙන් සියලුම දිලුම් වෙනුවෙන් අපි විස්තර මෙහි සඳහන් කිරීමටද අප බලාපොරොත්තු වෙමු.

0 comments:

Post a Comment