Sunday, October 2, 2011

සියළු දෙනාගේ දැන ගැනීම උදෙසා.. සද් භාවයෙන් යුක්තව.....

ඔබට මතක ඇති මේ වසර මුල් මාස කිහිපයේ ශ්‍රී ලාංකීය සයිබරය එකම අරමුණක් කරා එකතු වුනා... ඒ අපේ ආදරණීය සහෘදයා, දිළුම් ගේ ශ්‍රවණාබාධය සුව කිරීම උදෙසා.... දිනුම් කණුවට ඔන්න මෙන්න කියා තිබියදී කවුරුත් නොසිතූ විලස ඉලංදාරියා අපව හැර ගියා... ඔහු වෙනුවෙන් ඉතිරි කල සියළු මනුස්සකම් හා ධනය අප ලඟ තවමත් තියෙනවා... මේ මුදල් වලට කරන්නේ මොකක්ද කියන එක අපි ඉතා ගැඹුරින් සාකච්ඡා කලා.. අවසානයේ අපට හමු වුනේ දිළුම්ගේ රෝගයට ඉතාම සමාන රෝගයක් තිබෙන පුංචි දැරියක්... ඔව්.. අපි පසුගිය ලිපියෙන් කිව්වේ ඒ දැරිය ගැන තමයි....


සියල්ල විමසා බැලීමෙන් පසු "දිළුම් වෙනුවෙන් අපි" කණ්ඩායම වෙනුවෙන් අභීත එදිරිසිංහත් ඩුබායිහි "අපේ කට්ටිය මිතුරු සංසදය" වෙනුවෙන් රජීව් ෆනෑන්ඩු මහතාත් පසුගියදා ජෙරුශාගේ ගෙදරට ගොඩ වැදුනා... මේ කාරණය සම්භන්ධව ක්‍රියා කරන වෛද්‍ය ඇතුල්ගම මහතාවත් පසු දිනකදී අපි හමු වුනා.. සියල්ල පැහැදිලි කරගත් පසුව අප එකතු කර ගත් මුදල් ජෙරුශා දැරියගේ කර්ණ ශංඛ බද්ධයට ලබා දීමට තීරණය කෙරුණා... 


ඩුබායිහි අපේ කට්ටිය මිතුරු සංසදය පැදුරු සාජ්ජ ව්‍යපෘතිය හරහා එකතු කල රුපියල් 500,000.00ක මුදලක් ජෙරූශා වෙනුවෙන් ලබා දෙන බව පවසා ලිපියක් ඔවුන් වෙත ලබා දුන්නා... දිලුම් වෙනුවෙන් අපි සංවිධානයත් ඊට අදාල මුදල් ඔවුන් වෙත ලබා දෙන බැව් පැවසුවා... ඉතින් ජෙරුශාගේ දෙමවුපියන් ඔවුන්ගේ දියණියගේ සැත්කම නොවැම්බර් 30 වන දින පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක ළමා රෝහලේදී සිදු කිරීමට දින යොදා ගත්තා..... 


මේ ශල්‍ය කර්මය සඳහා රුපියල් 1,800,000.00ක් වියදම් වන අතර දැනට ලැබී ඇති මුදල්වල සාරාංශය පහත පරිදි වෙනවා....


ඩුබායිහි අපේ කට්ටිය මිතුරු සංසදය                            500000.00      
දිළුම් වෙනුවෙන් අපි                                                  300000.00
ජනාධිපති අරමුදල                                                     300000.00
එකතු කල ආධාර හා පවුලේ පිරිනැමීම්                       400000.00               


ඉතිරි රුපියල් 300,000.00 සෙවීමටත් අපි දැඩි උත්සහයක් ගන්න හිතාගෙන ඉන්නවා... 


සැත්කම සඳහා අවශ්‍ය උපකරණය ගෙන්නීමට අදාල මෙඩ්කොන් සමාගම ට අපේ මුදල් ලබා දීම තමයි සිදු වෙන්නේ... මේ පිළිබඳ බිල්පත් ඉදිරියේදී ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.


මේ කරපු සද්කාර්යය වෙනුවෙන් ඔබ හැමට පිං...........  


ජෙරූශා දියණිය
ඩුබායිහි අපේ කට්ටිය මිතුරු සංසදය රුපියල් 500, 000.00 දෙන බවට ලිපියක් ලබා දීම

15 comments:

The Lion said...

ඇත්තටම වටින වැඩක් ............

Chanaka Aruna Munasinghe said...

බොහොම පින්

Rajitha Abeysinghe said...

අගය කලයුතු සද්කාර්යයක්!!

පැන්ඩා said...

බොහොම පින්..ඒ දවස් වල මම බදුල්ලෙ කැම්පස් එකෙ හිටිය නිසා මගෙනුයි පැන්ඩි ගෙනුයි පුන්චි ආධාරයක් මම දිලුම් ගෙ ගිණුමට බැර කලා..එත් ඊට මාසෙකට විතර පස්සෙ දිලුම් අපි අතරින් සදහටම සමු ගත්තා..ඔගොල්ලො හැමොම කරන මේ වැඩ හරිම උසස්...

Weni said...

මේ උත්සාහය නම් ඇත්තටම උතුම් !

Sanjaya සිතුවිලි said...

බොහොම අගෙයි

Kasun said...

නියම වැඩක්, දිගටම කරමු.

Unknown said...

නියමයි...

Unknown said...

එල වැඩක් බන් ...බොහෝම පින් ....

ඔබ නොදු‍ටු ලොවක්..... said...

නියම වැඩක්.......

චතුර විජේකෝන් said...

ඉලංදාරියාගේ මතකය තවමත් හිත පාරවනවා තමයි. ඒත් මේ වගේ සත්කාර්‍යයක් කිරීමෙන් ඔහුටත් ඔබ සෑම දෙනාටමත් මහා පිනක් අත්පත් වෙනවා නියතයි...

Unknown said...

අනේ වාසනාවන්.... දිළුම් අයියාට පිනක් වගේම මෙයින්... පුංචි දුවෙක්ගෙ ජීවිතයක් සුවපත් වෙනවානෙ... කාර්ය බහුලත්වය මැද්දෙ පවා මේවා සොයා බලා... නිකන්ම නෙවෙයි විනිවිද බවකිනුත් කරන මේ සොයුරන්ට අප හැමගේ ප්‍රණාමය හිමි විය යුතුයි. ඔබ සියලු දෙනාට සදා ජය!

Anith Kona said...

බොහොම සතුටූයි මෙවැනි සද්කාර්යයන් දකින්නට ලැබීමත්. බොහොම පිං

Anonymous said...

Very noble of you

Iresha Dias said...

bohoma pin athi wedak..

Post a Comment