Thursday, March 3, 2011

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කිරීම සදහා වූ ටිකට්පත් විකිණීමෙන්, ඔබටත් දායක විය හැකියි.

දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් ආධාර එකතු කරන්න ටිකට් පතක් මුද්‍රණය කරා කියල ඔයාල දැනටමත් දන්නවනෙ. ඒ ගැන පලවුනු ලිපි දෙක කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල (01 ලිපිය, 02 ලිපිය) ඒ ලිපි දෙක කියවලම ඉන්න. පෙබරවාරි 06 වෙනිදා දිලුම් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්න අයගෙ හමුවක් නුවරදී පැවැත්වුනා. ඒකට දිලුම්ගෙ පාසල් කාලෙ මිතුරන් වගේම අන්තර්ජාලය හරහා දිලුම්ව අදුනගත්ත මිතුරනුත් පැමිණ සිටියා. එදින සාකච්ඡා කරන ලද එක් කරුණක් තමයි මේ ටිකට් මුද්‍රණය කිරීම.

එක් ටිකට් පතක් රු. 50 ක මුදලකට අලෙවි කිරීමට තීරණය වුනු අතර, දිලුම්ගේ පාසලේ හා විශ්ව විද්‍යාල තුළ අලෙවි කිරීම සදහා පමණක් රු. 20 ටිකට් මුද්‍රණය කිරීමට එදින තීරණය කළා‍.

මෙම කටයුත්ත විනිවිදභාවයෙන් සිදුවිය යුතු නිසා පහත සදහන් විස්තර ඉදිරිපත් කිරීම සුදුසු යයි සිතනවා.

ටිකට් මුද්‍රණය කළේ මාතලේ Salcalink Printers & Communication ආයතනයෙන්. එම ආයතනය සම්බන්ධ කරල දුන්නෙ දිලුම්ගෙ තාත්ත. ටිකට් මුද්‍රණය කිරීම සදහා මහනුවර ප්‍රදේශයේ මුද්‍රණාල වලිනුත් මිල ගණන් ඇසූ නමුත් අඩුම මිල ගණන් ඉදිරිපත් කළේ මෙම ආයතනයෙන්. ටිකට් මුද්‍රණයට දීමේදී හා ලබාගැනීමේදී සම්පූර්ණ සම්බන්ධීකරණ කටයුතු කළේත් දිලුම්ගේ තාත්තා විසින්.


මුද්‍රණය කරන ලද
රු. 50/= ටිකට් ගණන = 11600
රු. 20 ටිකට් ගණන = 2400
මුද්‍රණය කරන ලද මුළු ටිකට් ගණන = 14000
ඒ අනුව මෙම ටිකට් සියල්ල අලෙවි කරගැනීමට හැකිවුවහොත් එකතුවන මුළු මුදල = රු. 628000/=

මෙයින් රු. 50/= ටිකට් 5000 ක් කොළඹ අවට අයට බෙදාදීම සදහා අසංක ද සිල්වාට සහ වැප් නිශාන්තට ලබාදෙන ලදී. රු. 20 ටිකට් 2000 ක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළ අලෙවි කිරීම සදහා නදුන් පියතිලකවිසින් ලබාගත්තා. පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ අලෙවි කිරීම සදහා ඉතිරි රු. 20 ටිකට් 400 අසංක හේනේගම විසින් ලබාගත්තා.

ටිකට්වල මුද්‍රණ වියදම දරණ ලද්දේ ශාන්ත සිල්වෙස්තර විදුහලේ 2004 උ/පෙ කණ්ඩායමයි.
සදහා බුද්ධික ධනංජය හා නාමල් ජයසිංහ යන දෙදෙනා එකතුව රු. 5000/= ක් ලබාදුන් අතර, නදුන් පියතිලක, T.C. රණසිංහ හා D.G.R. රණසිංහ යන තිදෙනා රු. 500/= බැගින් ලබාදුන්නා. ඒ අනුව එකතු වූ මුළු මුදල 6500/= ක් වේ. ටිකට් මුද්‍රණය සදහා ගිය මුදල රු. 5300/= කි. ඒ අනුව රු. 1200/= ක මුදලක් ඉතිරිව තිබේ. මෙම ඉතිරි මුදලෙන් අප පාසල තුළ අලෙවි කිරීම සදහා රු. 20 ටිකට් ප්‍රමාණයක් නැවත මුද්‍රණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

ටිකට්පත මුද්‍රණය කරන්න කලින් එහි sample ticket එකක් CyberFriends for Dilum (ඉලංදාරියා) නම් facebook group එකට upload කළා. එහිදී එම group එකේ සාමාජිකයන් දැක්වූ අදහසුත් ගොඩක් උදව් උනා ටිකට් එක හරියාකාරව සකස් කරගන්න.

ඔබ තවමත් ටිකට් පොතක් ලබාගත්තේ නැත්නම් ටිකට් පොතක් හෝ විකුණා දෙන්නේ නම් එය දිලුම් (ඉලංදාරියා) වෙනුවෙන් කරන මහගු උපකාරයකි.

ඔබට ටිකට් පොත් ලබාගන්න පුලුවන් ආකාරය කලින් පල කළ ලිපි දෙකේ සදහන් වනවා. (01 ලිපිය, 02 ලිපිය)

0 comments:

Post a Comment