Thursday, February 24, 2011

ඉලංගේ සවනට ජීවය දෙන්න.., එන්න එක්වන්න..!

මේ වන විටත් දිලුම් හෙවත් අපි කවුරුත් දන්නා ඉලංදාරියා ගේ සවන සුවපත් කරන්නට විවිධ කටයුතු වල නියැලිලා ඉන්න බව ඔන සියලු දෙනාම දන්නවා ඇති.., ඉතින් මේ සත්කාර්යයට සහයක් විදියට දිලුම්ගේ මිතුරන් විසින් බෙදා හැරීමේට ටිකට් පොත් මුද්‍රණය කර තිබෙනවා.., එහි එක පොතක, එකක් රුපියල් පනහක් බැගින් වූ ටිකට් පත් 20ක් එනම් රුපියක් 1000ක වටිනා කමකින් යුතු පොත් මේ වන විට ඔහුට ආධාර ලෙස විකිණීමට සූදානම් කර අවසන්.., කොළඹ ටිකට් පත් විකිණීම සම්බන්ධව කටයුතු කරන අභීත/අසේල/චමිල/රචින්ත/අසංක/වැප් යන සහෘදයන් විසින් මේ ටිකට් ව්‍යාපෘතියේ කොළඹ වැඩ කටයුතු සංවිධානය කරන අතර.., ඔවුන්ගෙන් විමසීමෙන් හෝ.., පහත පෝරමය පුරවා එවීමෙන් මේ මහඟු කර්තව්‍යට ඔබටත් එක්කාසු වෙන්නට පුලුවන්




මේ මහන්සිය අපේ කෙනෙකු ගොඩ දමන්නට අප විසින් කරන ව්‍යායාමයක එක් කුඩා අන්තයක් පමණයි.., ඉලං වෙනුවෙන් තවත් බොහෝදේ කරන්නට සැලසුම් සකස් කිරීම මේ වන විටත් අවසානයි.., එක්සත්ව එක්සිත්ව මේ තරුණයාගේ සවන පාදමු.., දිලුම්ගේ සවන්පතට ජීවය දෙමු..!
ස්තූතියි..!

ටිකටිපත් පිළිබඳ වැඩි විස්තර පහත දුරකතන අංක වලින් විමසන්න..!
0714449162 අභීත
0777389920 අසේල
0776988602 රචින්ත
0772207163 චමිල
0718689555 නිශාන්ත

4 comments:

චතුර විජේකෝන් said...

ඔබ සැම මේ කරන උතුම් කර්තව්‍යට මගේ ප්‍රණාමය! සමා වෙන්න මගේ වත්මන් වටපිටාව අනුව මාත් ඉන්නේ ලොකු උදව්වක් කරන්න පුළුවන් තත්වෙක නෙවෙයි... දිලුම් මල්ලියාව සනීප කරන්න මේ දරණ උත්සහය සාර්ථක වෙලා ඔහුගේ ශ්‍රවණ තත්වය යථා තත්වයට ගෙන ඒමට හැකිවේවා කියා මං ප්‍රාර්ථනා කරනවා... බොහොම ආඩම්බරයි යාළුවනේ ඔයාලා ගැන!

Anonymous said...

ඉලංගේ බ්ලොග් එක ෆේස්බුක් එකෙන් බ්ලොක් කරනවා . කට්ටිය ෆේස්බුක් එකට ගිහින් ඒක නෙවෙයි කියල ෆේස්බුක් එකට මෙසේජ් කරන්න . ලින්ක් ඒක ෂෙයාර් කරන්න ට්‍රයි කරන්න එත කොට ෆේස්බුක් මැසේජ් කරන්න ලින්ක් එකක් එවි..

නැතුව අපිට ඉලන්ගේ ලින්ක් ෆේස්බූක් එකේ ෂෙයාර් කරන්න හම්බ වෙන්නේ නෑ

Observer said...

අභීත
අසේල
රචින්ත
චමිල
නිශාන්ත
ඔබ සැම කරගෙන යන මහඟු කාර්යය අගය කරනවා.

ZuRi said...

ඔබලාගේ මේ කරන උතුම් සත්කාරයට මමත් දායක වෙන්න කැමතියි.

උතුම් හදවතක් ඇති මෙවන් මිනිසුන්ගේ ප්‍රාර්ථනයෙන්, උත්සාහයෙන්, දහදිය මහන්සියෙන් දිලුම්ගේ ශ්‍රවණ තත්වය යථා තත්වයට පත්කරගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

Post a Comment