Sunday, February 13, 2011

තාරකා මාළුවාගේ කතාව

උදෑසන හිරු අවරට යන්නට පෙර වෙරළ තීරය දිගේ ඇවිද යන මිනිසෙකි. ඔහුට ඈතින් දිස් වනුයේ ඉතාමත් ඕනෑකමින් යමක් අහුලා මුහුද වෙතට විසි කරන කුඩා ළමයෙකි. වඩ වඩාත් ළමයාට කිට්ටු වන විට ඔහු දකින්නේ වෙරළෙන් පරිස්සමට අහුලා ගන්නා තාරකා මාළුවන් කුඩා දරුවා විසින් මුහුදට විසි කරන අන්දමය. මදක් නැවතෙන මිනිසා ඔහු පැමිනි මග දෙසත් ඉදිරි වෙරළ දෙසත් ඇස් යොමු කරයි. සිය දහස් ගණනක් තාරකා මාළුවන් වෙරළට ගොඩ ගසා ඇත. කුඩා ළමයා මුහුදට වීසි කරන්නෙ එසේ ගසාගෙන පැමිණි තාරකා මාළුවන්ය.

හෝරා කිහිපයකට කලින් රාත්‍රියේදී වඩදිය හේතුවෙන් මේ තාරකා මාළුවන් වෙරලට ගොඩ ගසන්නට ඇත. ඉදින් තව හෝරා කිහිපයකින් හිරු මුදුන් වෙන විට සිය දහස් ගනන් මේ මාළුවන්ගේ ඉරණම තීන්දු වෙයි. මිනිසා මදක් නැවතී කුඩා දරුවා ආමණ්ත්‍රණය කරයි.

"පුතා, මොකක්ද මේ කරන්නෙ ......?"

"මම මේ මාළුන්ව මුහුදට වීසි කරනවා මාමේ, ඉර මුදුන් වෙන්න තව ටික වෙලාවයිනෙ තියෙන්නෙ... ..." ඔහු පිළිතුරු දෙයි.

මුවඟට සිනහවක් නගා ගන්නා මිනිසා,

"පුතා දන්නවද මේ වෙරළේ කොච්චර නම් තාරකා මාළු ගොඩට ගහලා තියෙනවද කියලා.... ? ඒ වගේම මේ වගේ තාරකා මාළු ගොඩ ගහපු තව වෙරළවල් කොච්චර නම් මේ රටේ තියෙනවද....පුතා හිතනවද පුතා මේ කරන වැඩෙන් වෙනසක් වෙයි කියලා.......?"

මුවඟට සිනාවක් නගා ගන්නා කොළු ගැටයා ඉතාම පරිස්සමින් තාරකා මාළුවෙක් දෝතින් අහුලා ගනී......
ඉන්පසු සියළුම වෙර යෝදා තාරකා මාළුවා මුහුදේ ඈතට වීසි කරන ළමයා, මිනිසා දෙස මුව සරසා ගත් සිනාවකින් බලා හිඳ,

“මාමේ, අන්න ඒ මාළුවාට අනිවාරයයෙන්ම වෙනසක් සිදු වේවි.....!”




8 comments:

රත්ගමයා said...

පට්ටා...............ලයික්

BLOG ගඩොල් said...

සිරා........

Abeetha Edirisinghe said...

මමත් ලැයික්.... සිරා....

~ChAnDiKa~ said...

සහතික ඇත්ත. අපිට හැම මාලුවෙක්ම බේරගන්න බැරි වුනත් එක මාලුවෙක් හරි බේරගන්න පුලුවන් නම් ඒකයි වටින්නෙ.

Anonymous said...

ඇත්ත.. සුපර්..

Thusitha (දිමා) said...

ඇත්ත...

Kusumsiri Edirappuli said...

සිරාවටම...

චතුර විජේකෝන් said...

"අඳුරට සාප නොකර එක පහනක් වත් දල්වන්න" මේ කියමන මතක් කරවන කතාවක්. ස්තුතියි!

Post a Comment