Friday, February 11, 2011

දිලුම් වෙනුවෙන් පියවර තබන්නට එන්න....

ශ්‍රී ලාංකේය සයිබර් අවකාශය තුළ සිදු කෙරෙන මහා පුණ්‍යකර්මයට දායක වෙන්න ඔබට අවස්ථාව උදාවෙලා.. අපේ ඉලංදාරියා එහෙම නැත්නම් දිලුම්......... ඔහුගේ ආබාධය පිළිබඳව ඔබට නැවත නැවතත් කිය යුතු වන්නේ නෑ... මේ වෙනුවෙන් පිඹුරුපත්, සැලසුම්, සකස් කර අවසන්.... ඒ ගැන නොකියවූ ඔබට මේ සබැඳියෙන් ගොස් ඒ පිළිබඳව දැනුවත් විය හැකිවේවි.....


මෙහි සඳහන් එක, දෙක හා තුන්වන පියවරයන් දැනටමත් අවසන්.පළමුවන පියවර ලෙස දිලුගේ පවුලේ අයට අපව හඳුන්වා දීම පසු ගිය 8 වන දින ආසිරි රෝහලේදී සිදු වූවා. සුභාශ් ගුණවර්ධනත් (දුකා) , අභීත එදිරිසිංහත්, අසේල ඉන්දිකත් පසුගිය අටවන දින දිලුම්ගේ මව, පියා, බාල සහොදරයා සහ හොඳම මිතුරන්ට අපව හඳුන්වා දුන්නා. ඒ වගේම අපි කරන්නට යන ක්‍රියා මාර්ගයන් පියවරෙන් පියවර ඔවුන් වෙත විස්තර කර දීමද එහිදී සිදු උනා.විශේශයෙන්ම එහිදී අපි කරන සියලුම ව්‍යාපෘති ඔවුන්ගේ අනුදැනුම මත කරන්නටත් ඒ සඳහා ඔවුන්ගේ අදහස් ලබාගැනීමටත් අපි බැදී සිටින බවත් පවසන්න අපි අමතක කලේ නෑ. අපිත් එක්ක කතා කරපු දිලුම්ගෙ අම්ම අන්තිමේට අපිට කිව්වෙ මෙහෙමයි........


අනේ පුතේ..., ඔයාල ආත්ම ගානක ඉඳන් අපේ දරුවො වෙන්න ඇති.... 


ඒ වදන අපිට අපූරු සවියක් වුන බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි අපි හිතන්නේ...


වෛද්‍ය වාර්ථා නියමා කාරයෙන් ලබා ගැනීම පිළිබඳව ද අපි එදින දිලුම්ගේ පවුලේ අයත් එක්ක කතා කලා. ජපානයේ වෙසෙන බ්ලොග් පාඨකයෙක් වන උදේශ් සෙනෙවිරත්නයන්ගේ සහායෙන් ජනාධිපති කාර්යාලයේ වගේම මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්භන්ධීකරණ කටයුතු ගොඩ නගා ගන්නට හැකියාව ලැබුනා. වෛද්‍ය උපදෙස් මත පසුගිය 8 වන දින දිලුම් MRI පරීක්ශණයකටද පෙනී සිටි අතර එහි වාර්තා ද ලබන සතියේදී ලැබීමට නියමිතයි.



දිලුම්ගේ ශල්‍යකර්මය පිළිබඳව දැන් සියලු දෙනා දැනුවත්... ඒ පිළිබඳව වන අළුත් විස්තරත් මේ දිනවල සොයමින් ඉන්නේ.. බින්කුගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ තොරතුරු රාශියක් අපට ඔබට දැන ගැනීමට හැකිවේවි....


ඔයාලා ඔක්කොම දැනටමත් දන්නවා අපි මේ සද්ක්‍රියාව සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාර ක්‍රියාමාර්ග රාශියක් සැලසුම් කර ඇති බව... නමුත් එය පිළිවෙලට පෙල ගස්වා ගැනීම අරමුණු කරගෙන අපි පොඩි රැස්වීමක් කැඳවා තියෙනවා... දිළුම් වෙනුවෙන් අත ඔසවන, ඔහු වෙනුවෙන් ඔසවන අපේ පියවරට බර දෙන ඔබ කාටත් ඒ සඳහා සහභාගී විය හැකියි... අපි එකතුවෙන්නේ කොළඹ විහාර මහා දෙවී උද්‍යානයට.. වෙලාව පස්වරු දෙකට. ඔන්න අමතක කරන්න එපා.... ඔන්න හැමෝම එන්න.... අපි එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ...  නෑසෙන සවනතට හඬ පිඹින්න එන්න... 


එහෙනම් නැවතත් මම දිනය සහ වෙලාව දාන්නම්.... ඔබගේ බ්ලොග් අඩවියේත් ඒ පිලිබඳව සටහන් කලොත් හොඳයි.... අපි කතා කරමු... මේ සුවිසල් අභියෝගය ජය ගමු.... එකාවන්ව පෙල ගැසෙමු.... දිලුම්ගේ සවන් හොරාගෙන යන්න ඉඩ නොතබමු...  



දිනය : 2011 පෙබරවාරි මාසයේ 12 වන දින


වෙලාව : පස්වරු 02.00



5 comments:

රත්ගමයා said...

කොළඹ එන්න ගියොත් දවසම නාස්ති වෙනවා...ඒත් 12 වෙනිදා නම් කිසිම වැඩක් නෑ...පුලුවන් උත්සහයක් දරනවා එන්න....දිලුම් අයියා...උඹට ජය!!!

Unknown said...

සෙනසුරාද නේද...බලමු උපරිම උත්සාහ කරල

Unknown said...

අපි නාවත් කරණ වැඩකට පුල් සප් එක දෙනවා

BLOG ගඩොල් said...

මට විභාගෙ නිසා එදාට එන්න වෙන්නෙ නෑ. 14 වෙනිදයින් පස්සෙ ඕන වැඩකට එනවා. රැස්වීම සාර්ථකව කරන්න සුභපැතුම්

duliponline said...

විහාර මහා දේවි එකේ කොතනද සෙට් වෙන්නෙ . . . ?

Post a Comment