Saturday, February 5, 2011

"දිලුම් වෙනුවෙන් අපි" ව්‍යාපෘතියේ ගමන් සැලසුම !

ලිව්වේ දුකා


තව දවස් දෙකකින් පස්සේ නිවාඩු යන නිසා යන්න කලින් දිලුම් වෙනුවෙන් අපි ව්‍යාපෘතියේ අලුත්ම තත්වය ගැන පොඩි සමාලෝචනයක් කරන එක හොඳයි කියලා හිතුවා.


බ්ලොග් අවකාශේ මූනු පොතේ කොටින්ම සයිබර් ලෝකයේ දිලුම්ට උදව් කිරීම වෙනුවෙන් ඇතිවුනු රැල්ල මේ වෙනකොට බැහැලා ගිහින්ද කියලා මතුපිටින් දකින කෙනෙකුට හිතෙන තරමට නිහැඬියාවක් ඇත්තෙන්ම අද වෙනකොට තිබෙන බව සත්‍යක්.


සමහර විට ඒ හැඟීම ටැබූ සබ්ජෙක් ලියන මහත්මයාටත් හිතුනු නිසා වෙන්න ඕන ඔහුත් ඊයේ ලිපියක් පල කර තිබුනා  "අපි ඉලංදාරියා වෙනුවෙන් රුපියල් 35,000ක් එකතු කළෙමු. ඒත්.. | An Appeal to readers: Please help this blogger” කියා.

ඔහුට උදවු කිරීම ගැන කතා කල සියලු දෙනාට තමන්ට ඒ වෙනුන් කල හැකි දේ කලාද කරමින් සිටිනවාද යන ප්‍රශ්නයට පිලිතුරු දිය හක්කේ තම තමන්ගේ හර්ද්‍ය සාක්ශියෙන් පමනක් බව මගේ වැටහීමයි.


මූලිකවම ඉලන්දාරියා ගේ බ්ලොග් පෝස්ටයෙන් පසුව  ඔහුගේ බ්ලොග් පෝස්ටය දැක කම්පා වී ඔහුට උදවු කිරීම සඳහා සියලු දෙනා එක් රැක් කිරීම සහ දැනුවත් කිරීම වෙනුවෙන් දැමූ බ්ලොග් පෝස්ට් සියල්ලෙන් පසුව දිනක් දෙකක් තුල සැලකිය යුතු මුදලක් එකතු වූ බව දැනුම් දෙන්නේ ඉතා ප්‍රීතියෙන් හා සියල්ලන්ගේ මානුෂිකත්වය ගැන ඇතිවූ සුවදායි හැඟීමෙන්.


මගේ අඩවියේ ලිපිය පලවූ දිනට පසු දිනම බ්ලොග් පාඨක්යෙක් වූ ඔබ්සවර් නමින් කොමෙන්ටු දමන සනත් විජේවර්ධන මහතා දිලුම්ගේ ගිනුමට රු. 10,000ක මුදලක් බරකොට එය සහතික කරන මෙන් ඉල්ලා ලිපියක් එවා තිබුනි. අවාසනාවට සති අන්තේ තිබුනු වැඩ සමඟින් ඒ ලිපිය මගේ නෙත ගැටුනේ දින තුකට පසුවයි. තව දුරටත් පිණි පලස බ්ලොගය ලියන හර්ෂනී පුන්‍ය ක්‍රියා රැසක් කරන අතරතුර කාලයක් තිස්සේ ඇගේ ගිනුමක එකතු වී තිබුනු රුපියල් 8,000ක මුදලක් දිලුම්ට යැවූ බව දන්වා තිබුනා.


මේ සියල්ල සමඟින් "අද දවසේ අවසානය ලගාවනවිට ලංකා බෑන්කුවේ ගිනුමේ ශේෂය රු 62,150 දක්වා ඉහල ගොස් ඇත" කියා ඊයේ බදාදා (02-02-2011) දිලුම් මූනු පොතේ "දිලුම් වෙනුවෙන් සයිබර් මිතුරෝ" "CyberFriends for Dilum (ඉලංදාරියා)" මිතුරු සමූහයේ සටහන් කර තිබුනා. 


ටැබූ සඳහන් කරන ටැබූ - බින්කු - බුදාජීව එකතුවී සිදුකල පේපෑල් ගිනුමේ ඇති දිලුම් වෙනුවෙන් එකතු වූ රුපියල් 35,000ක මුදලත් සමඟින් මුලු එකතුව රුපියල් ලක්ෂයකට ආසන්න අගයක් ගනු ලබනවා. කොටින්ම කීවොත් අපගේ ඉලක්කයෙන් තිහෙන් එකක් සතියක් තුල සොයාගෙන. මේ පිලිබඳ අද උදේ බුදාජීවගේ යාවත්කාලීන කිරීම මෙසේයි "මේ වන විට PayPal ගිණුමට එකතු වූ මුදල් ප්‍රමාණය 421 USD වනවා. එනම් ශ්‍රී ලංකා රුපියල් 46 668.89"


එක එක තලවල ජීවත් වෙන එක එක ක්ෂේත්‍රවල රැකියා කරන වෙනස් වෙනස් රටවල ජීවත් වෙන සමූහයක් දිලුම්ට උදව් කිරීම වෙනුවෙන් ඉදිරිපත් වී ඇතත් වර්ථමාන සමාජයේ ලක්ශ 30ක් යනු විශාල ඉලක්කයක්. කෙතරම් විශාල ඉලක්කයක් වුවත් අපිට එයට ලඟාවිය හකි බවට දෙනු ලබූ ඉඟිය සතියකටත් අඩු කාලයක් තුල එකතු කර ගත් මුදල බව හැඟීමයි.


දුමී, අභීත, මරේ, රංග (අසේල ), නලින්, දිලුම්ගේ අස්ල්වැසි අසංක  ආදී අය සමඟ කල දුරකතන සංවාද වලින් පසු අපි ඇතිකරගත් සම්මුතිය වූයේ මෙය අපි සියලු දෙනාම එකතු වී ක්‍රමානුකූලව සංවිධානය කර සිදු කල යුතු ව්‍යාපෘතියක් බවයි. විශේශයෙන් සංවිධාන ශක්තියෙන් බොහෝ සහනාධාර වැඩ කටයුතු කර පළපුරුද්ද ඇති දුමීගේ අදහස වුනේ අපි ගමන් මාර්ග සැලසුමක් (රෝඩ් මැප් එකක්) සාදා ඒ මත ගමන් කිරීමෙන් මේ ඉලක්කය ලඟා කර ගැනීම පහසුවක් බවයි.


නිවාඩුව කට මුලටම පැමින ඇති නිසා කාර්‍යාලයේ රාජකාරී බහුල වීම නිසා ගමන් මාර්ග සැලසුම සදා නිමකරනු වස් මගේ සහාභාගීත්වය ලබා දීම අවම වුවත් ඒ ගැන ඔබ සියලු දෙනා දැනට කෙටියෙන් දැනුවත් කිරීම මගේ වගකීම කියා මා සිතුවා.


මෙය සම්පූර්න සැලසුම නොවුනත් දුමී ඉදිරියේදී අඩු පාඩු නොමැතිව එය ඉදිරිපත් කරාවියි උපකල්පනයෙන් එක් එක් කරුනු පහලින් දක්වා සිටින්නම්.


1. “දිලුම්ගේ පවුලේ අයට අපව අඳුන්වාදීම” : - මුලින්ම දිලුම්ගේ දෙමාපියන් හා සොයුරා සමඟ කතාබස් කොට ඔහුට උදව් කිරීමට අපි පෙලගැසෙන බව දන්වා ඔවුන්ගේ පැත්තෙන් අපිට අවැසි සහයෝගය ඉල්ලා සිටීම. දැනටම මම (දුකා) ඔහුගේ මව හා සොයුරා සමඟ පැයක් බැගින් කතා කර ඇති අතර අභීත, අසේල පසුගිය සඳුදා (01-02-2011) ආසිරි රෝහලේදී දිලුම්, පවුලේ අය සහ අසංක මුන ගැසී කතාබස් කොට ඇත.


2. “දිලුම්ගේ වෛද්‍ය වාර්ථා නියමාකාරයෙන් ලබා ගැනීම”: -  රංගී ඊ මේලයක් එවා දන්වා තිබුනා ඉංග්‍රීසි බසින් නියමිත ආකාරයට වෛද්‍ය වාර්ථා එවිය හකි නම් ඉතාලියේ එන් ජී. ඕ . එකක් හරහා උදව් ලබා ගනීම සඳහා කටයුතු කරන්න උත්සාහ කල හැකි බව. තවද ඔහු (දිලුම්)  ඉදිරිපත් කර තිබූ වාර්තා සිංහලෙන් අතින් ලියා මුද්‍රා තැබූ ඒවා නිසා නියමිත පරිදි ඒවා ලබා ගනු වස් අපි ලබන 8 වෙනිදාට දිලුම්ගේ එම් ආර්. අයි ස්කෑන් කරන දින ඔහු හමුවීමට අදහස් කරගෙන සිටින්නෙමු. 


නලින් කාරියවසම් සොයුරාද පැවසුවේ එෆ් එම් සේවාවක් මුදලින් රුපියල් ලක්ෂ දෙකක පරිත්‍යාගයක් කිරීමට එන්කඟ වූ නමුත් ඔවුන් පවා නියමාකාරයේ වෛද්‍ය වාර්ථා ඒ සඳහා අවැසි බව දැනුම් දුන් බවයි.



3. “ශල්‍යකර්මය ගැන සියල්ලන් දැනුවත් කිරීම” : - දිලුම් වෙනුවෙන් සයිබර් මිතුරෝ නම් මිතුරු හවුල නිර්මානය කල බින්කු ඔහුගේ අත්දැකීම් ඇසුරින් මේ වන විට මූනු පොත හරහ මේ කාරිය අපූරුවට ඉදිරිපත් කරමින් සිටිනවා. වැඩි විස්තර ඇවැසි අයට පහත යොමුවෙන් ඒ මිතුරු සමූහයට බැඳී සියලු විස්තර දැක බලා ගත හැකියි.

4. "දෙවෙනි උපදෙසක් ලබා ගැනීම" : - දැනට දිලුම්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට අමතරව තවත් විශේෂඥ්ඥ වෛද්‍යවරයෙක් හෝ කීප දෙනෙක් හමුවී දෙවෙනි උපදෙසක් ලබා ගැනීම පිලිබඳව අපි කිහිප වරක් කතාබහ කලෙමු. මූලිකව මෙයට දිලුම්ගේ පවුලේ අයගේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් ලබන 8 වෙනිදා හමුවේදී ඒ ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. 

තවද බින්කුගේ මිත්තනිය විසින් මුලින් බින්කුගේ අසනීප තතවයට පිහිට වීම සඳහා පිහිටුවාගෙන ඉන් මතු සියලු බිහිරි දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් පවත්වාගෙන යන "නාරද සෙවන පදනම" හි බින්කුගේ මිත්තනිය මුන ගැසී ඈ මේ රෝගය ගැන ලබා ඇති විසල් දැනුම් සම්භාරය ඇසුරින් දිලුම් වෙනුවෙන් යෙදවිය හකි හොඳම ආකාරය ගැන වැටහීමක් ලබා ගනු වස් ඉදිරි දිනෙක ඈ මුනගැසීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

5. “ජොයින්ට් එකවුන්ට් එකක් ඇරඹීම” :- ලෝකයේ නන් දෙසින් දිලුම් වෙනුවෙන් මුදල් එවන සියලු දෙනා අතරේ විනිවිදභාවය ඉහලින්ම පවත්වාගැනීම සඳහා මුදල් ආපසු ගැනීමට දිලුම් සහ නුවර අවට තවත් බ්ලොගර්ස්ලා දෙදෙනෙකුගේ අත්සන ඇවැසි ලෙස නම් කර ඉන්ටර්නෙට් බෑන්කින් පහසුකම තවත් තිදෙනෙකුට පවරා 6 දෙනෙක් අත පාලනය ඇති ගිනුමක් ඇරඹීම. 


6. “කාර් වොශ්” :- ගූගල් බස් වලින් නිතර කතාබස් කරන බ්ලොග් සහෘදයෝ කීප දෙනෙක් දිලුම් වෙනුවෙන් මුදල් රැස් කිරීම සඳහා මා විසින් යෝජනා කල කාර් වොශ් කටයුත්ත යතාර්ථයක් කර ගැනීම සඳහා වෙහෙස වන බවත් දින කීපයකට පසු මමත් ඒ වෙනුවෙන් ප්‍රායෝගිකවම සම්බන්ධ වී කෙටි කලක් තුල ඒ කාරිය ඉටුකිරීමට බලාපොරොත්තු වන වගත් දන්වා සිටින්නේ සතුටින්.


7. “අවුරුදු උළෙල” : - අභීතගේ ගේ මූලිකත්වයෙන් අප්‍රේල් 4 වෙනිදා සිදුකරන්න කටයුතු සංවිධානය කර ඇති බක්මහ උළෙලේදීද දිලුම් වෙනුවෙන් විශේෂ මුදල් රැස් කිරීමේ කටයුතු කීපයක් සැලසුම් කර ඇති බව "සයිබර් සිහින සැණකෙලිය" බ්ලොග් අඩවියෙන් දන්වා තිබුනා.

8. "දිලුම්ට ආධාර පිනිස ටිකට් එකක්" : - දිලුම්ගේ පාසලේ සගයෙකු වන අමිල නුවන් රණසිංහ සොයුරා ඔහුගේ අමිලගේ අඩවිය නම් බ්ලොග් අඩවියේ දන්වා තිබුනා දිලුම්ගේ දෙමාපියන සමඟ කතාබහ කර ඔහුට ආධාර පිනිස ටිකට් එකක් මුද්‍රනය කර විකුනා මුදල් එකතු කර ගන්න.


තව දුරටත් දිලුම්ට උදව් වෙන ආකාරය සාකච්ඡා කරන්න ඔවුන් 6 වෙනිදා එකතු වෙන බව මූනු පොතේ දිලුම් වෙනුවෙන් සයිබර් මිතුරෝ හි සඳහන් කර තිබුනා මේ ලෙසට 


"Amila Nuwan Ranasinghe - ලබන ඉරිදා (2011.02.06) උදේ 9.00 ට රැස්වීමක් තියනවා. (ඉලංදාරියට උදව් වෙන්න) ස්ථානය ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව. (මාලිගා පරිශ්‍රයට ඇතුල්වෙන්න අවශ්‍ය නෑ. මාලිගාවේ විශ්‍රාම ශාලාව තියෙන්නෙ මාලිගා පරිශ්‍රෙයන් එලියෙ.) නුවරට එන්න පුලුවන් අය එන්න. (තැන හොයාගන්න අපහසු නම් කෝල් කරන්න -0716861064)" 


9. “සංගීත සැඳෑවක්” :- නලින් කාරියවසම් සොයුරා එෆ් එම් සේවාවකින් රුපියල් ලක්ෂ තුනක් හෝ ඊට වඩා මුදලක් ලබා දීමට ඇවැසි කටයුතු කරනවාට අමතරව ඔහුගේ දන්නා හඳුනන සංගීත ක්ෂේත්‍රයේ කීප දෙනෙක් සමඟ සාකච්ඡා කර තිබෙනවා දිලුම්ට ආධාර පිනිස සංගීත සැඳෑවක් පවත්වන්න. 


මේ වන විට 6 දෙනෙක් පමන සනාථකර තිබෙනවා ඒ වෙනුවෙන් මුදල් අයකිරීමකින් තොරව ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න. මේ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමට කොලඹදී අපි කිහිප දෙනෙක් ඉදිරියේදී මුන ගැසෙන්න බලාපොරොත්තු වෙනවා. - වැඩි විස්තර මෙතනින් 


10. "ලිනක්ස් පාඨමාලාවක් පැවැත්වීම" :- ශල්‍යකර්මයක් සඳහා තමන්ගේ පියාණන් රෝහල් ගතකර ඇති අවස්ථාවේ දිලුම්ට උදව් කිරීම වෙනුවෙන් තමන්ට කල හැකි උපරිමය නම් ලංකාවේ රුපියල් 15,000ක් පමන අය කරන ලිනක්ස් පාඨමාලාව ඉතා අඩු මුදලකට එනම් 10,000කට පවත්වා ඉන් උපයන ආදායම දිලුම්ගේ ගිනුමට බර කිරීමට ඩනිශ්ක නවීන් සොයුරා එකඟ විය. 


මේ පිලිබඳව මූලික සමූහ සාකච්ඡා වටය ඩනිෂ්ක, බින්කු, බුදාජීව, අනුෂ්ක, දුමී, ශ්‍රීහානු සහ මා අතර මීට දින දෙකකට ප්‍රථම සිදු කෙරුනි. කාර්‍යාලයේ වැඩ කටයුතු නිසා මා සුලු මොහොතින් ඉන් නික්මුනත් අවසානය තෙක් චැට් කල දුමී පැවසුවේ මේ සඳහා ඉක්මනින් ක්‍රියාකාරී වීමට ඔවුන් තීරණය කල බවයි.


11. "පැදුරු පාර්ටි - ඩුබායි-අබුඩාබි-සාජාහි මුදල් රැස් කිරීම" :- දුමී මේ පිලිබඳව විශේෂ ක්‍රියාවලියක් සකසා ඇත. මුලින්ම සංගීත සැඳෑවක් ගැන කතාබහක් ජනක, දුමී හෂිත, ජෝර්ජ් අයියා සහ මා අතර ඇති වුවත් මෙහි සංගීත සැඳෑවක් සංවිධානය කිරීම සඳහා ලංකාවේ මුදලින් ලක්ෂ 30ක පමන යෙදවිය යුතු දැන ගැනීමට ලැබුනු පසු එතරම් මුදලක් යෙදවීමේ අපහසුව සලකා බලා කුඩා "පැදුරු පාටි" කීපයක් මඟින් මුදල් සෙවීම උචිතම ක්‍රියාව ලෙස දුමී විසින් යෝජනා කරන ලදි. 


මිතුරු නිවසක 15-20ක් පමන වූ කුඩා කන්ඩායමක් වෙනුවෙන් අඩුම වියදම් පැදුරු පාර්ටියක් සංවිධානය කර (කෑමට පාන්, පොල් සම්බල් සහ පරිප්පු) බීම ඇවැසි නම් සහභාගී වන අයට සියලු දේ රැගෙන එන ලෙස දන්වා දුමී ඇතුලු සංගීත කන්ඩායම එහි ගොස් පාර්ටිය ඇරඹීමට ප්‍රථම ඔවුන්ගේ සම්මාදම් මුදල් ඉල්ලා කුඩා පෙට්ටියකට දමා ඔවුන් ඉදිරියේදීම එය ගැන එකතු වූ මුදල දැනුම් දී මේ මුදල් වල විනිවිදභාවය සහ අපගේ ව්‍යාපෘතියේ තත්වය ගැන දන්වනු වස් බ්ලොග් අඩවියේ සහ මිතුරු සමූහයේ විස්තර ඇතුලත්ව නිර්මානය කල කුඩා හෑන්ඩ් බිල් එකක් ලබාදී ඔවුන් වෙනුවෙන් පැය හතරක් පමන ගීත ගයා මුදල් රැස් කිරීම දුමී විසින් යෝජිත ක්‍රමය වේ. 


මේ සඳහා දුමීට සහ ඔහුගේ මිතුරන්ට විශාල කැපකිරීමක් කිරීමට සිදුවුවත් ඒ සියලු කැපකිරීම් හදවතින්ම ඉටු කිරීමට ඔවුන් ඉදිරිපත් වී ඇත. මා, ජනක, හෂිත, දමිත්, මනෝජ් සහ දුමී මෙහි සියලු සංවිධාන කටයුතු කරනු ඇති.


12. ආයතන මඟින් මූල්‍යාදාර ලබා ගැනීම : - තමන් දන්නා හඳුනන ආයතන මඟින් මූල්‍යාධාර ලබා ගැනීම ගැන අභීත රංග (අසේල ) ලසිත ආදී අයගේ අදහස් විටින් විට ඊමේල් ගූගල් බස් සහ කමෙන්ට් වලින් දැන ගැනීමට ලබෙන නිසා මේ පිලිබඳවද සියලු දෙනා මුන ගැසී දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා


මේ ආකාරයේ කුඩා කුඩා ව්‍යාපෘති කීපයක් මඟින් මුදල් රැස් කිරීම බලාපොරොත්හු වන අතර ලංකාවේ නම් ඒ ඒ ප්‍රදේශ සඳහා සංවිධාන කටයුතු වෙනුවෙන් කුඩා කංඩායම් පත් කිරීමටද බලාපොරොත්තු වනවා.


උදාහරණයක් ලෙස ඩනිෂ්කගේ ව්‍යාපෘතිය වෙනුවෙන් දකුණු ප්‍රදේශයේ බුදාජීව, අනුෂ්ක, වත්සලා ආදීන් පත් කල හැකියි. මහනුවර ප්‍රදේශයේ සංවිධාන කටයුතු දැනටම අසංක විසින් භාරගෙන තිබෙනවා - ඔහුට සහය වීමට ඩීප්ස්, මලින්ත ආදීන්ගේ සහය  ඉල්ලා සිටිය හකියි.. 


සිල්වෙස්ටර් විද්‍යාලය ඇසුරින් කෙරෙන සංවිධාන කටයුතු අමිල කරගෙන යන අතර ඔහුට සහය වීමට කැමති අයට ඉදිරි පත් වන ලෙස අප ඉල්ලා සිටිනවා.


මේ අකාරයෙන් දිලුම් වෙනුවෙන් අපි ව්‍යාපෘතියේ කට යුතු සිදු කිරීමට බලා පොරොත්හු වන අතර මේ ඉහත දක්වා ඇත්තේ එහි "දළ" ගමන් සැලසුමයි.


මෙය පරිපූර්ණ සැලසුමක් කර ගැනීමට ඔබ සැමගේ අදහස් ලබා දෙන මෙන් අප ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.


24 comments:

RanDil said...

සැලසුම ඉතාමත් අගනා ආකාරයට විස්තර කර තිබෙනවා අයියේ...... මේ ආකාරයට වැඩකටයුතු කරගෙන ගියහොත් දිලුම් ගේ සැත්කමට අවශ්‍ය මුදල් සපයා ගැනීම අපට අපහසු කාරණයක් නොවෙනු ඇත.

Chanaka Aruna Munasinghe said...

තවත් මොනවද කරන්න පුළුවන් කියල හිතනකොට මට මතක් වුණා බ්ලොග් අවකාශයේ හිටපු අපි දන්න වෛද්‍යවරුන් දෙදෙනෙකු වන සරත් ගුණතුංග සහ මිගාර වීරක්කොඩි මහත්වරු. ඒ අය ලඟකදීනම් බ්ලොග් අවකාශයේ දැක්කෙ නැහැ. ඒත් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් මම ඒ දෙන්නට Gmail හා Facebook හරහා පණිවිඩ දෙකක් යැවුවා. ඒ අය සමඟ සම්බන්ධතා තියෙන අය ඉන්නවානම් ඒ අයට දැනුම් දෙන්න. තව සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය ඇති බ්ලොග් අවකාශයේ.

4. "දෙවෙනි උපදේෂයක් ලබා ගැනීම" සහ වෛද්‍ය ගාස්තු අවම කර ගැනීමේදී සෞඛ‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයට යම් යම් උදවු කරන්න පුළුවන් වෙයි.

ඔයයිමමයි said...

marians unplugged concert ekak apita kandy wala karanna puluwan nam aduma tarame 5 lakhs wath hoyaganna puluwan.....

FOX Creationz said...

කාර් වොශ් එක සංවිධානය කරන්නෙ කවුද කියල දන්නවද??

දුමී said...

දරුපවුලත් එක්ක නිවාඩු යන්න කට ලඟ ඉඳගෙන, දහසකුත් එකක් වැඩ රාජකාරී මැද, මේ දාපු අප්ඩේට් එකට ස්තූතියි දුකෝ.

මේ තමයි අපිට දැනට ලැබිලා තියෙන mini projects ලිස්ට් එක. මේ සියලුම දේවල් වෙන වෙනම පොඩි ගෲප් හැදිලා සංවිධානය කල යුතුයි. මේ එක් එක් mini projects වලට සම්බන්ධ වී දායකත්වය ලබා දිය හැකි අය එකතු කරගෙන මේවා ඉදිරියට කරගෙන යන්න සලසුම් කරන්න ඕනෙ.

එහෙම සම්බන්ධ විය හැකි අය කමෙන්ටුවක් මගින් හෝ දැනුම් දුන්නොතින් සම්භන්ධීකරණය කර ගන්න පහසුවක් වේවි.

duliponline said...

දුකා . . . .
පුලුවන් ඕනෙම උදවුවක් කරන්නම්. කියපං

Abeetha Edirisinghe said...

වැඩේ නියමෙටම විස්තර කරලා තියෙනවා... ආසිරි රෝහලෙන් අවශ්‍ය සහයක් ලබා දීම කෙරෙහි අරුනි ශෙපිරෝ සොයුරියද මා සමග පැවසූ අතර එයද අවැසි කාලයේදී ලබා ගත හැකිවේවි...

BLOG ගඩොල් said...

එල එල!!! අපිත් කාර් වොෂ් එකට එනවා

CD Athuraliya said...

ලොකු මුදලක් නොවුනත් හැකි ප්‍රමාණයක දායකත්වයක් අවුරුදු උත්සවය පැවැත්වෙන දිනයේ පැමිණ බාරදෙන්න බලාපොරොත්තු වෙනවා. කොළඹ අවට එවැනි ස්ථානයක් තිබෙනවා නම් සඳහන් කරන්න.

Narada said...

"බින්කුගේ මිත්තනිය විසින් මුලින් බින්කුගේ අසනීප තතවයට පිහිට වීම සඳහා පිහිටුවාගෙන ඉන් මතු සියලු බිහිරි දරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් පවත්වාගෙන යන "නාරද සෙවන පදනම""

She started it when She and my mom trained me speech therapies and managed my to give a regular life. She just wanted to help other deaf people following that path.

Bunny said...

නියමයි..! මෙහෙම ගියොත් අපිට ලොකු ගානකට ලගාවෙන්න පුලුවන්... :-)

රත්ගමයා said...

නියම සැලසුමක්....සැලසුම් විදිහටම වැඩ කරමු...ජය වේවා!!!!

හෙළයා said...

පැහැදිලි විස්තරයක් කරාට ස්තූතියි දුකා අයියා. කොතන්ටද අපි සම්බන්ධ වෙන්න ඕනෙ කියන එක ගැන අදහසක් ආවා

සරත් ගුණතුංග said...

චානක අරුන මුණසිංහ මහත්මයාගේ ඉල්ලීමක් නිසා මම මේ සටහන ලියනවා. මේ ශල්‍ය කර්මය ඉතාමත් සාර්ථක ශල්‍ය කර්මයක් ලෙස දැනට පිලිගෙන තියෙනවා. මෙයින් සුවය ලබා ගත්තු තුන් දෙනෙක් මම ඉතා හොඳින් දන්නවා. මම වැඩ කරද්දි ඔවුන් මගේ රෝගීන්ව හිටියා. තවමත් ඔවුන් සාර්ථකව ජීවිතය ගත කරනවා. මම දන්නා ආකාරයට මෙය බරපතල ශල්‍ය කර්මයක් නොවෙයි, නමුත් ඉතාමත් සියුම් දෙයක්. cochlear implants දැනට ලෝකයේ බොහෝ රටවල කරනවා. ලක්ෂ 30ක් කියන්නෙ විශාල මුදලක්. මම සිටින රටේ නම් රජයෙන් මේ සඳහා වියදම් දරනවා. නමුත් ඒ සඳහා වැය වන මුදල මම දන්නා තරමින් එපමණ වෙන්නෙ නැහැ. අවාසනාවකට දැනට ලෝකයේ වෛද්‍ය ශාස්ත්‍රය ව්‍යාපාරයක් වෙලා අවසානයි. එහෙම කලක ජීවත් වෙනකොට කරන්න දෙයකුත් නැහැ. කෙසේ හෝ ඔබ සැමගේ අභිමතාර්ථයන් සාර්ථක වේවා කියා මා පතනවා.

Jay said...

අදාල mini projects වලට සම්බන්ධ වී උදව් කරන්න ඉතා කැමතියි. කරන්න ඕන දේ කියන්න. අනිවා උදව් කරනවා.
[ලබන සතියේ ගිණුමට යම් මුදලක් බැර කරන්නටද අදහස් කරගෙන සිටිනවා]

Aditha Jayasuriya said...

පාසල් ළමයෙක් හැටියට වැඩි දෙයක් කරන්න බැරි වුනත් දෙන්න පුලුවන් උපරිම සපෝට් එක දෙනවා.. :)

ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

දුකා අයියේ. වලින් මේ ගැන ලියල වෙනම බ්ලොග් එකක් හදන්න. එකට දාලා හැමෝටම උදව්වක් විදියට ඇඩ් එකක් කරන්න කියන්න. මාසයකදී හොඳ ගානක් හොයාගන්න පුලුවන්. හැමෝටම සහය වෙන්න පුලුවන්. හැබැයි එක දවසට එක්කෙනෙක් එක ඇඩ් එකයි කරන්න ඔනේ. බටහිර රටවල් වල අය කලාම කොහොමත් එක ඇඩ් එකකට 0.5$වත් හම්බෙනවා.

Unknown said...

පලමුවෙන්ම දුකා අයියට ස්තුතිවන්ත වෙනවා මෙච්චර වැඩ අධික වෙලාවක මේ ගැන දැනුවත් කරාට. එමෙන්ම සංගීත සංදර්ශ්ණය ගැන කියනවා නම් මේ වෙනකොට ගායක ගායිකාවන් 8දෙනෙක් ඔවුන්ගේ සහභාගිතව ස්තිර කරා. දින දෙකකට පෙර ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වු Centigradz හමු වූ අවස්ථාවදි ඔවුන් ද පවසුවේ මේ සදහා සහභාගී වීමට කැමැත්තෙන් ඉන්නා බවත් ඒ සදහා දිනයක් යොදාගෙන නැවත දන්වන ලෙසය. [ පෙබරවාරි 12 වෙනිදා සිට තරමක කාර්යබහුලත්වයක් තිබෙන බැවින් යම් විදියට සහභාගී වීමේ නොහකි තත්වයක් තිබුනොත් ඒ වෙනුවට යම් මුදල් පරිත්‍යාගයක් කරන බව දැන්වුවා]

FM නාලිකා සිද්දිය ගැන කියනවා නම් ඔවුන්ට අවෂව තිබුන දේ ගැන මම දුකා අයියට පැවසුවා.

Rajitha Abeysinghe said...

අපිත් එනවා car wash ekata.දවස දාගත්තහම කියන්න.

Golden Dragon said...

මම වැඩ කරන්නේ Medicine Distribution Company එකක. මොනවාහරි බෙහෙත් ඕනෙනෙම් ඒවා අඩුවට අරන් දෙන්න මට පුලුවන් වේවි.

අපේ එකෙක් වෙනුවෙන් මේ කරන දේට හදවතින්ම සහයෝගය දෙනවා.

jhothishalanka said...

සැලසුම ප්‍රතිඵල දායකයි. අපිත් උදවු කරනවා.

පබලු said...

සැලසුම පිලිබද පැහැදිලි අවබෝදයක් ලැබුනා.
හැකි උපරිමෙන් සහයෝගය දක්වන්න බලපොරොත්තු වෙනවා

Anonymous said...

මේ වැඩපිලිවෙල සාර්ථකව ගෙනයැමට හැකිවේවායි ඉතසිතින් ප්‍රර්ථනා කරනවා. දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ගෙන පැහැදිලි අවබෝදයක් ලැබුනා. මයියා ලOකාවේ පවතින ගිණුමක් මගින්, ඉලOදාරියාගේ ගිනුමට මේ සදහා අධාරයක් කිරීමට අදහස් කරනවා. ඔබලා සියලු දෙනාගේ ක්‍රියාකාරී කැපවීම ඉතා අගය කරනවා

Asanka Udayanga said...

හොද සෑලෑස්මක්,ගාල්ලා පෑත්තේ මොනවා හරි කරන්න සෑලසුම් කරන්වානම් අපිවත් පොඩ්ඩක් දෑනුවත් කරන්න,අපි අනිවර්යෙන් සහයොගය දෙනවා

Post a Comment