Saturday, February 19, 2011

දිලුම් වෙනුවෙන් පැවති දෙවන පැදුරු සාජ්ජයද ඉතා සාර්ථකයි

පැදුරු සාජ්ජ්ය අංක 2
දිනය : පෙබරවාරි 18, 2011
ස්ථානය : ඩුබායි, රෂීඩියා හී, අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ නිවස්නය.

එකතු වූ මුළු මුදල : AED 2000
රුපියල් අගය ( 19/02/2011 හුවමාරු අගය මත ) : Rs 60,368.63


අප වටා සිටින්නේ කෙතරම් සුන්දර මිනිසුන් පිරිසක්දැයි සොයා බැලීමට නම් ඔවුන්ගේ සිත් තුලට එබී බැලිය යුතුයි. තවෙකුගේ කඳුලක් වෙනුවෙන් උණුවන හදවත් ඇති, තවෙකෙකු අසරණ වී බිම වැටෙන විටදී දෝතින්ම ගෙන ඔවුන් ඔසවා තැබීමට දෙවරක් නොසිතන ඔවුන් වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම සැබෑ මිනිසුන්ම වෙයි. කිසිදාක මුණ නොගැසුනත්, අසරණ වී සිටින කිසියම් මිනිසෙකු වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමෙන්, තමන්ට හැකි උපරිමයෙන් දායක වන්නට ඔවුන්ගේ සිත් නැමෙන්නේ ඒ මිනිසත් බවටත් එහා ගිය ගුණාංගයක් නිසාමදෝ යැයි මට නම් සිතෙන්නේ.

මාත් මගේ සහෘද සංගීත කණ්ඩායම වන දර්ශන නාකන්දල, කින්ග්ස්ලි, චරිත් සහ දොන් කෞෂල්‍යය 18 වනදා එක් වූයේ දිලුම් වෙනුවෙන් පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජය පවත්වන්නටය. දහසක් අනෙකුත් පුද්ගලික වගකීම් පසෙක ලා, වෙහසකාරි සතියක් අවසානයේ ලැබෙන සති අන්ත නිවාඩුව, තම පවුලේ දුවා දරුවන් වෙනුවෙන් කැප කරන්න තිබියදීත්, අසරණ වූ තරුණයෙකු වෙනුවෙන් කැප කරන මාගේ සහෘද සංගීත කණ්ඩායම වෙනුවෙන් මාගේ භක්ති පූර්වක ස්තූතිය පමණක් නොසෑහෙන බව නම් අනිවාර්යයෙන්ම පැවසිය යුතුයි.

පවත්වන්නට යෙදුනු දෙවන පැදුරු සාජ්ජයේ අපගේ නවාතැන වූයේ අති සුන්දර මිනිසෙකු වූ දයාබර අජන්ත ප්‍රේමරත්න සහ එම මහත්මියගේ සොඳුරු නිවහනයි. තමන්ගේ පස්චාත් උපාධි අපේක්ෂක සඟයන් අරබයා පැවති ඒ සුහද හමුව ඇත්තටම අති සුන්දර රාත්‍රියක් වූවා. ඉතාමත් ඉහල රසිකත්වයකින් පරි පූර්ණ වූ මේ සොඳුරු ශ්‍රී ලාංකිකයන් සැවොම සංගීතයත්, ගීතයත් උපරිම අයුරින් රස වින්දනය කරනු ලැබුවේ හරි හරියට අපත් සමග ගායනයටත් සහභාගී වෙමින්. මෙහෙදී අප හට හමු වූ සුවිශේෂී වූ පුදගලයෙකු වූයේ දයාන් විතාරණ ගායනා කරන "ඩැෆඩිල් මල" ගීතයේ නිර්මාතෘ වරියයි. නමින් නිලූෆා වන ඇය ගී නිර්මාණයට පමණක් නොව ගී ගායනයටත් එකසේ දක්ෂ බව පෙන්වා සිටියේ සියළුම දෙනා කුල්මත් කරමින් ඇය හඬ අවදි කල ගී තුලිනුයි. සියළු සිත් සන්තර්පණය කරමින් ගලා ගිය ගීත සැන්දෑව අතරතුර, දිලුම් වෙනුවෙන් කරනු ලැබූ සමාලෝචනයේදි ඔවුන් සැම තම කාරුණික හදවත් මේ උතුම් කාර්යය වෙනුවෙන් විවර කරනු ලැබුවා. අප සියළුම දෙනා ඉතාමත් කැපවීමෙන් මේ කරගෙන යනු ලබන කාර්යය ඉතාමත් පැසසුමට ලක්කල සියළුම දෙනා මේ අරමුදලට දායක වූයේ ඇතැම්විට තමන්ගේ පසුම්බියේ වූ අනිතිම ඩිරාමයද මුදල් එකතු කල මංජුසාවට දැමීමෙන්. එයින්ද නොනැවතුනු ඔවුන් අපට පොරොන්දු වී සිටියේ මේ පණිවිඩය මේ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ ඔවුන් දන්නා හඳුනන අනෙකුත් හිත මිතුරන්ටත් දැනුම් දී හැකි පමණ දායකත්වයක් මේ සඳහා ලබාගැනීමට උත්සාහ කරන බවය.

අති සාර්ථක වූ දෙවන පැදුරු සාජ්ජයද නිමාව සනිටුහන් කරනු ලැබුවේ ප්‍රථම සමාරම්භක පැදුරු සාජ්ජය මෙන්ම අතිශය තෘප්තිමත් වූ මනසක් අප තුල ඉතිරි කරමින්ය.

මෙවන් පැදුරු සාජ්ජ පවත්වන මෙන් දැන් අප හට සෑම අතින්ම ආරධනා ගලාගෙන එයි. දැන් අපට ඉතිරිවී ඇති ඊලඟ ගැටළුව නම් මේ සඳහා කාල වේලාවල් ලබාදීමයි. අපට සතියේ දිනවල මේ සඳහා යොදා ගැනීමට හැකියාවක් නැත්තේ රැය පහන් වනතුරු නිදි වරා පසු දින රාජකාරියට වාර්ථා කිරීමේදී ඇතිවන ගැටළුව නිසාත් අපගේ සංගීත කණ්ඩායමේ සමහරක් සාමාජිකයින් ඩුබායි නගරයට සැතපුම් සිය ගණනක් ඈත අනෙකුත් එමීරයන්හී වාසය කරන නිසාත්.

දිලුම් වෙනුවෙන් කරන අපගේ මීලඟ සංගීත සැන්දෑව ලබන 24වන දින රාත්‍රියේ ඩුබායි හි "අපේ කට්ටිය" සංසදයේ සහෘදයන් වෙනුවෙන් සරත් කුරුවිට ආරච්චි මහතා සහ මානෙල් කුරුවිට ආරච්චි මහත්මියගේ නිසේදී පැවැත්වීමට සියළුම කටයුතු යොදා අවසන්.

අපගේ ඉලක්කය නම් මෙවන් පැදුරු සාජ්ජ 10ක් පවත්වා මේ පැදුරු සාජ්ජ ව්‍යපෘතිය අවසන් කිරීමටයි. සති අන්තයේදී පමණක් යොදාගැනීමට ඇති හැකියාව නිසාත්, සමහරක් සති අන්තයන් අපගේ සාමාජිකයින් කලින් යොදා ගත් වැඩ රාජකාරි නිසා මග හැරෙන නිසාත් මෙම ව්‍යපෘතිය අවසන් කිරීමට අපට යම් කාලයක් ගත වේවී. නමුත් අප හට මේ ව්‍යපෘතිය ඉතා සාර්ථකව අවසන් කල හැකි බව නම්  අප තුල පිළිසිඳ ගෙන තිබෙන්නවූ දිරිමත් බව නිසාත් දැනට අත් ලබා ඇති ප්‍රථිඵල  මතත් සක් සුදක් සේ පැහැදිලියි.




එක්සත් අරාබි එමීරයේ "අපේ කට්ටිය" මිතුරු සංසදයේ තවත් ව්‍යාපෘතියක්.

14 comments:

Dee said...

පිස්සු හැදෙනවා, දුමී...!

Anonymous said...

Don’t stress yourselves too much. Go slowly. There are limits to we all can do. Trying to cross that will make us unproductive and useless. Your initial goal was good enough. Stick to it.

- Taboo

දුමී said...

@Dee,
ස්තූතියි දිරි ගැන්වුමට.

@taboosubjects,

Dear Taboo, what I believe is, there are times we need to push our selves in to the limits to get the full thrust....! Anyway I will keep your advice in mind. Thanks,

dinithi said...

ඔබ සැමට ශක්තිය ධෛර්යය නිරතුරු ලැබේවා...

ගීත් (සහෘදයා) said...

කමෝන්..............දුමී....කමෝන්....අද හති වැටුනත් හෙටට ලොකු සතුටක් ආත්ම තෘප්තියක් ඉතිරි වේවි.

Lakshi30 said...

hadawathinma sathutuyi mea gana .... dilum nube sihina dura athaka neweyi.......

Hipo said...

Good Work...

MaRLaN said...

නියමයි අයියලා....

Beetle said...

මම පුද්ගලිකව දන්න දෙයක් තමයි මැදෙපෙරදිග ‍රැකියාවක් කරන මිනිහෙකුට නිවාඩු දවසක් කියන්නේ වචනයෙන් කියා නිමකරන්න බැරි වටිනාකමක් ඇති දෙයක්...

වෙනෙකක් තියා බොහෝදෙනෙකු තමන් ජීවිතේටත් වැඩිය ආදරේ කරන බිරිඳ, දරුවන්ගේ සතුට වෙනුවෙන් උනත් ඒ දවස කැප කරලා එළියට යන්න පැකිළෙන අවස්ථා එමටයි...

එවැනි වාතාවරණයක නන්නාන්ඳුන කෙනෙක් වෙනුවෙන් ඒ දවස කැප කරන්න ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවනම් ඇත්තටම ඒ සැබෑ මිනිසෙක්...

ඒ කැප කිරීම දහපාරක් කරන්න ලෑස්ති මිනිහෙකුට කියන්න වචනයක් මට හිතාගන්න බැහැ...

හරී said...

නියම වැඩක්...

හෙළයා said...

ජයම වේවා

Ravi said...

දුමී,

මගෙත් සුබ පැතුම්, ඉදිරි කටයුතුත් ඔය වගේම සාර්ථක වේවා,

sansarasidu said...

මුළු හදවතින් ම සුබ පතනවා අයියේ මේ ව්‍යාපෘතිය අතිසාර්ථක වෙන්න කියල....

ස්වප්නා said...

great !!

Post a Comment